Colombo Today Local News

ව්‍යාජ උන්මත්තකයකුගේ රැඟුම් පොලිසිය අවසන් කරයි

පිස්සකු බව පෙන්වමින් කාන්තා ඇඳුමක් ඇද කේරළ ගංජා අලෙවි කළ පුද්ගලයකු, කේරල ගංජා මිලිග්‍රෑම් 7000 ක් සමඟ අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ,පන්නිපිටිය පීටර් සමරතුංග මාවතේ පදිංචි (45)දින පුද්ගලයකු බව පොලීසිය කියයි.

පිස්සකු ලෙස රඟපාමින් ගංජා ජාවාරමේ නිරත පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් (77984) වීරසූරිය මහතා ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලිම සිදු කර ඇත.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී, දුරකථන ඇමතුමක් හරහා, මිතුරකුගෙන් ලබාගන්නා කේරළ ගංජා, පැකට් කොට මෙසේ අලෙවි කරන බවත් ඒ සඳහා කිසිවකුට සැක නොසිතෙන පරිද්දෙන්, ගවුමක් හැද මාර්ගයේ ගමන් කරන බවත්,එසේ යන අවස්ථාවලදී කිසියම් අයෙකුගෙන් බාධාවක් වන්නේ නම් ,එවිට ව්‍යාජ උන්මත්තක ස්වරූපයක්ගෙන රඟපෑමක නිරතවන බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලිසිය පවසයි.

Related posts

ආගමට වඩා මනුෂ්‍ය ජීවිතය ලොකුයි – කාදිනල්

colombotoday

“හොරු අල්ලනවෝ“ නාට්‍යය දැන් මාස 14ක් පුරා ජනතාව බැලුවා. අල්ලපු හොරෙකුත් නෑ. කරපු වැඩකුත් නෑ

colombotoday

සජබ යේ මන්ත්‍රීවරු විකල්ප පාර්ලිමේන්තුවක් රැස් කරයි

colombotoday

තාත්තා කරපු හැම දෙයක්ම හරි නැහැ – විපක්ෂ නායක සජිත් කියයි

Admin

මුලතිව් කෝපාපිලව්, ඉඩම්වලින් ගුවන් හමුදාව ඉවත් වෙයි

colombotoday

අභියාචනාධිකරණ තීන්දුවට අනුව අමාත්‍ය මණ්ඩලයේ සියලු දීමනා අත්හිටුවයි

colombotoday