Colombo Today Local News

මධූෂ්ගේ ගෝලයින් සොයා පොලිසිය රට පීරයි.

මාකඳුරේ මධූෂ්ගේ මෙරට සිටින ගෝලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය තවදුරටත් මෙහෙයුම් සිදු කරන බව වාර්තා වනවා.  

මධූෂ් සමග සමීප සබඳතා පැවැත්වු පුද්ගලයන් රැසක් සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු ලැබි ඇති බවයි එහි උසස් නිළධාරීයෙකු සඳහන් කළේ.  

මේ අතර මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ලිහිල් දඩුවමකට යටත් මෙරටට පැමිණෙනු ඇතැයි නිතීඥ උදුල් ප්‍රේමරත්න මහතා ලක් එෆ්.එම් ප්‍රවෘත්ති සමග කියා සිටියා.

මේ අතර මාකඳුරේ මදූෂ් ඇතුළු පාතාල කල්ලි නායකයින් හා සාමාජිකයින් සමග ගනුදෙනු සිදුකළ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව රහස් පොලිස් ආරංචි මාර්ග පවසනවා.   ඒ අනුව, විවිධ තරාතිරමේ පොලිස් නිලධාරින් 13 දෙනෙකු හා බන්ධනාගාර නිලධාරින් 20 දෙනෙකුද සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.   එම ආරංචි මාර්ග සඳහන් කළේ පාතාල ක්‍රියාකාරකයින් සමග විවිධ සබඳතා පැවැත්වූ පොලිස් හා බන්ධනාගාර නිලධාරින් සම්බන්ධයෙන් ලැබී ඇති රහස්‍ය වාර්තා කිහිපයක්ම මෙම දිනවල පරීක්ෂා කෙරෙන බවයි.   ඊට අදාළ දුරකතන සංවාද කිහිපයක් සම්බන්ධයෙන්ද මේ වන විට අවධානය යොමු කර ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

Related posts

අභාවප්‍රාප්ත වූ පර්සි අබේසේකරට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගෞරව

Admin

කාර්යාල දුම්රිය ගමන්වාර 12ක් අවලංගු වෙයි

Admin

ගෝඨාගේ විරෝධතා ඉවතට – මුදල් අවභාවිතා නඩුව විභාග කරයි

colombotoday

අරගල භූමියේ කුඩාරම් කිහිපයක් ඉවත් කරගනී

colombotoday

හැටන් ගාමිණි පුර ජනතාව ගොදුරු සොයා එන දිවියන් නිසා භීතියෙන්

colombotoday

2020 විධායක ජනපති ගෝඨාභය.. අගමැති මහින්ද.. ස්ථීරයි ! (Video)

colombotoday