Colombo Today Local News

මධූෂ් ඇතුළු පිරිස ඩුබායි රටේම සිරකර තැබීම නුවණට හුරුයි…

පාතාලයේ ප‍්‍රබලයකු බව කියන මධුෂ් අත්අඩංගුවට ගැනීමට මුල්වූ පොලිස් විශේෂ කාර්ය බළකායට සම්පූර්ණ ගෞරවය අනිවාර්යයෙන්ම හිමිවන අතර ඩුබායි රටේ රඳවාගෙන සිටින මධුෂ් ඇතුළු සැකකරුවන් එම රටේම සිරකර තැබීම නුවණට හුරු බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඊයේ (10 දා) ප‍්‍රකාශ කළේය.

මෙම සැකකරුවන් ශ‍්‍රී ලංකාවට ගෙන්වනු ලැබුවහොත් විවිධ උපාය මාර්ග සහ උපක‍්‍රම යොදාගෙන හිරෙන් පැන යෑමට පවා ඉඩ තිබෙන බව පැවසූ හමුදාපතිවරයා පාතාලය මැඬලීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම අගය කරන බවද කීය.

මෑතකදී බුරුතු පිටින් පාතාලය සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි උනන්දුව සහ කැපවීම මත යැයිද එම බළකායේ අණදෙන නිලධාරී ලතීෆ් මහතාගේ සේවය දීර්ඝ කිරීම ඉතා වැදගත් යැයිද හෙතෙම සඳහන් කළේය.

යුද්ධ හමුදාව සමග බුද්ධි තොරතුරු බෙදාගෙන මෙම වැටලීම් කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය දිරිමත් කරන අතර මේ සඳහා වැටලීම් ඒකකය දිරිගැන්වීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මුල්වී තිබෙන බවද හමුදාපතිවරයා කීවේය.


Related posts

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ගැන කැබිනට් තීරණය

colombotoday

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතය දක්වා වර්ධනය වෙයි

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත හානි 290 දක්වා ඉහළට… 500 කට පමණ තුවාල

colombotoday

බස්නාහිර අවුරුදු 30ට වැඩි සියල්ලටම ජුලි 31ට පෙර එන්නත්

colombotoday

වචනයට සීමා නොවී, සංහිදියාව ඉදිරියේදී ක්‍රියාවෙන්ම පෙන්නනවා – ජනපති

colombotoday

සති අන්තයේ මුළු දිවයිනටම ඇඳිරිනීතිය බලාත්මක කිරීමේ තීරණයක් තවම ගෙන නැහැ – අජිත් රෝහණ

colombotoday