Colombo Today Local News

මධූෂ් ඇතුළු පිරිස ඩුබායි රටේම සිරකර තැබීම නුවණට හුරුයි…

පාතාලයේ ප‍්‍රබලයකු බව කියන මධුෂ් අත්අඩංගුවට ගැනීමට මුල්වූ පොලිස් විශේෂ කාර්ය බළකායට සම්පූර්ණ ගෞරවය අනිවාර්යයෙන්ම හිමිවන අතර ඩුබායි රටේ රඳවාගෙන සිටින මධුෂ් ඇතුළු සැකකරුවන් එම රටේම සිරකර තැබීම නුවණට හුරු බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඊයේ (10 දා) ප‍්‍රකාශ කළේය.

මෙම සැකකරුවන් ශ‍්‍රී ලංකාවට ගෙන්වනු ලැබුවහොත් විවිධ උපාය මාර්ග සහ උපක‍්‍රම යොදාගෙන හිරෙන් පැන යෑමට පවා ඉඩ තිබෙන බව පැවසූ හමුදාපතිවරයා පාතාලය මැඬලීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම අගය කරන බවද කීය.

මෑතකදී බුරුතු පිටින් පාතාලය සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි උනන්දුව සහ කැපවීම මත යැයිද එම බළකායේ අණදෙන නිලධාරී ලතීෆ් මහතාගේ සේවය දීර්ඝ කිරීම ඉතා වැදගත් යැයිද හෙතෙම සඳහන් කළේය.

යුද්ධ හමුදාව සමග බුද්ධි තොරතුරු බෙදාගෙන මෙම වැටලීම් කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය දිරිමත් කරන අතර මේ සඳහා වැටලීම් ඒකකය දිරිගැන්වීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මුල්වී තිබෙන බවද හමුදාපතිවරයා කීවේය.


Related posts

හෙරොයින් කිලෝ ග්‍රෑම් 11 සහ ගිනි අවි කිහිපයක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

බැදුම්කර සොර දෙටුවෝ මහපොළ අරමුදලටත් අරී.. මිලියන 188ක පාඩුවක්

colombotoday

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්, මහජන ආරක්ෂක ඇමති හමුවෙයි

colombotoday

බදියුදීන් සහ කිරිඇල්ල පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට

colombotoday

මංතීරු නීතියට අද සිට ප්‍රමුඛතාවක්.

colombotoday

උත්සව සමයේ සංචරණයන් සීමා නොකළොත් කොවිඩ් ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යා හැකි – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

colombotoday