Colombo Today Local News

මද්දකට හසුවූූ කළු කොටියා මියයයි

හැටන් නල්ලතන්නිය ප්‍රදේශයේදි පසුගිය 26 වැනිදා මද්දකට හසුව බේරාගත් පැන්තරා පාදුස් වර්ගයේ කළු කොටියා මියගොස් තිබේ.

වනජීවී නිලධාරී භාරයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම සත්වයා මියගොස් ඇත.

වනජිවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරියබණ්ඩාර මහතා පැවසුවේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට පියවර ගෙන ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට ද පියවර ගන්නා බව වනජිවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේය.

මෙම කළු කොටියා හසුවූ මද්ද ඇටවීම සම්බන්ධයෙන් සැකකරුවෙකු පසුගිය 27 වැනිදා අත්අඩංගුවට ගැනිණ.

සැකකරු එම වගා බිමේ හිමිකරු බවට තොරතුරු වාර්තා වේ.

Related posts

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කල තවත් අයෙක් කුරුණෑගලදී අත්අඩංගුවට

colombotoday

ජනපති සංචාරයකට දිවයිනෙන් පිටව යයි

Admin

පැන්ඩෝරා වාර්තාවට අදාළ තිරුකුමාර්ගේ වත්කම් ගැන විමර්ශනය ඇරඹෙයි

colombotoday

හොරෙක් වෙනුවට ලෝක හොරෙක් පත්කිරීම ගැන මාධ්‍යවේදීන් අසයි.. රාජිත, තලතා කට උත්තර නැතිව අසරණ වෙයි (Video)

colombotoday

හෙට සිට සියලුම අන්තර්පලාත් බස්රථ හා දුම්රිය ධාවනය අත්හිටුවයි.

colombotoday

අත්අඩංගුවට ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් බැඳුම්කරයක් මත මුදාහරී

colombotoday