Colombo Today Local News

මගේ රාජ යෝගය උදාවුණේ ඉපදුණු දවසෙමයි… කේසර සිංහයෙක් වගේ මම ඕන අභියෝගයකට ලෑස්තියි

තමගේ ශක්තිය තමන් දන්නා බවත් තමන් ඕනෑම දෙයකට සූදානම් බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊයේ (04දා) රත්මලානේ පැවැති උත්සවයකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“දැන් මේ කතාවයක් යවනවා එක එක කට්ටිය මම තාම ලෑස්ති නැතිලු. මම තමුන්නාස්සෙලාට එකක් කියන්න කැමතියි. මම හැමදේකටම රෙඩි. මම දන්නවා මගේ තරම මගේ හයිය. මගේ කාලය තීරණය කරන්නේ ජ්‍යොතීශ්‍යවේදීන් නෙමෙයි. මම දැක්කා පුවත්පතක ලියලා තියෙනවා මම මගේ රාජ යෝගයක එනකම් ඉන්නවා කියලා. මගේ රාජයෝගය උදාවුණේ ඉපදුණ දවසෙයි. මම ඉපදුනාට පස්සේ තමයි මගේ පියාට අමාත්‍ය ධුරයක් ලැබුණේ.

ඔබතුමාලට හිතුනොත් මගේ යෝගය උච්ච කරන්න පුළුවන්. හැබියි ඔබලාට හිතුනොත් මාව නීචම කරන්න පුළුවන්. ඇපෙත් නැතිව ගෙදර යවන්න පුළුවන්. උච්ච වුණත් නීච වුණත් නීච භංගයෝගයක් තියෙන බව අමතක කරන්න එපා. කේසර සිංහයෙක් වගේ ඕනම අභියෝගයකට සජිත් ප්‍රේමදාස ලෑස්තියි කියලා මම කියනවා.”

Related posts

රාජ්‍ය ආයතන ලංවීමට කෝටි 250ක් පොලු තියලා

Admin

“හමිඩියාස්” සිව් මහල් ගොඩනැගිල්ල ගිනිගනී.. [Video]

colombotoday

අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය කඩිනමින් ක්‍රියාත්මක කරන්න ඉල්ලයි

colombotoday

කඳානේ නිවසක් තුළ ඝාතනය කල පුද්ගලයෙකුගේ මළසිරුරක්

Admin

ෆේස්බුක් ප්‍රධානීන් පිරිසක් බ්‍රහස්පතින්දා ලංකාවට… තහනම ඉවත් කරන දිනය හරීන් කියයි

colombotoday

මැතිවරණ තියන්නේ අපට ඕන විදිහටයි…

colombotoday