Colombo Today Local News

බුද්ධි අංශ පාවාදෙන තේරීම් කාරක සභාව නිසා ජනපති – අගමැති ගැටුම උග්‍ර වෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී ආරක්ෂක ලේකම්වරයා හා ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් දේශපාලඥයන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීමේ සිදුවීම නිසා ජනාධිපති මෛත්‍රී හා අගමැති රනිල් අතර පවතින මත ගැටුම උග්‍රවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

අදාළ ප්‍රශ්න කිරීම් නිසා ජාතික ආරක්ෂාවට ඉතා සංවේදී කරුණු හෙළිදරව් වීම හා අදාළ දේශපාලඥයින්ගේ ප්‍රශ්න කිරීම් දේශපාලනික ස්වභාවයක් ගැනීම නිසා මෙම අර්බුදය හටගෙන ඇතැයිද වාර්තාවේ.

අදාළ ප්‍රශ්න කිරීම් සිදුවූ ආකාරය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි අප්‍රසාදයට පත්ව ඇති අතර ජනාධිපතිවරයා මේ පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙතද දැඩි විරෝධය දක්වා ඇති බවද ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

එමෙන්ම, ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා හා ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතාද අදාළ දේශපාලඥයින්ගේ ප්‍රශ්න කිරීම් වලින් පසුව අදාළ සිදුවීම පිළිබඳව ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ දේශපාලඥයින් කීපදෙනෙක් වෙත සිය අප්‍රසාදය හා කණගාටුව ප්‍රකාශ කර ඇතැයිද වාර්තාවේ.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පත්ව සිටින ඇතැම් සාමාජිකයන් පිළිබඳව හා අදාළ කටයුතු මාධ්‍යයට නිරාවරණය කිරීම පිළිබඳව දේශපාලඥයින් කීපදෙනෙකුම දැඩි අප්‍රසාදය හා විරෝධය මේ වනවිටත් පළ කර තිබේ.

Related posts

පැය 24ක් තුළ බීමත් රියැදුරන් 758 ක් අත්අඩංගුවේ

colombotoday

චීනයෙන් එන මගීන් වෙනම පර්යන්තයකින් රට ඇතුළට… කොරෝනා ට එරෙහිව ජාතික ක්‍රියාකාරී කමිටුව රැස්වෙයි…

colombotoday

සූර්ය පැනල සඳහා වන වරාය සහ ගුවන් සේවා බද්ද නිදහස් කරයි

Admin

එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

පොලිස්පතිගෙන් CIDය ප්‍රකාශයක් ගනී

colombotoday

අතාවුද සෙනෙවිරත්න ශ්‍රීනිප මධ්‍යම කාරක සභාවෙන්, ජනපති සිරිසේනගේ නියෝගයෙන් නෙරපා දමයි

colombotoday