Colombo Today Local News

බරපතල දූෂණ වංචා කොමිසමේ වාර්තව පිළිගන්නෙත් නෑ, චෝදනා පිළිගන්නෙත් නෑ

සිය ආණ්ඩු සමයේ සිදුවූ බව කියන බරපතල දුෂණ වංචා ක්‍රියාවන් පිළිබඳ විමර්ශනය කළ බරපතල දුෂණ වංචා ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදී ස්වාධීන රෑපවාහිනී සේවය පිළිබඳ පැවසු කරුණු වලට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා මේ බව කීවේය

රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදුවූ දුෂණ වංචා සෙවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බරපතල වංචා දුෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධ විමර්ශනය කිරිම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව පත් කළේය.

එම වාර්තාව පිළි නොගන්නා බව මහින්ද රාජපක්ෂ මහතා පැවසු අවස්ථාවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසුයේ මහින්ද රාජපක්ෂ මහතාගේ හොඳම යහලුවෙකු බවට පත්ව ඇති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඒ බව පවසන ලෙසයි.

Related posts

රිය අනතුරකින් මීගොඩ පොලිස් ස්ථානාධිපති රෝහලේ…

Admin

අසම්මත පෙම නිසා උදලු පහර කෑ කතක් මරුට

colombotoday

හිටපු නගරාධිපතිගේ නිවසට නිරුවතින් ආ පුද්ගලයෙකුගෙන් ප්‍රහාරයක්

Admin

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නොබෝ දිනකින් අප සතුවට

colombotoday

Breaking News: රාජිත සේනාරත්න ඇප මත නිදහස් කෙරේ

colombotoday

අකරවිටදී ජලයට පෙරළුණු ලොරියකින් යකඩ ටොන් පහක් උස්සලා

Admin