Colombo Today Local News

බන්ධනාගාර නිලධාරීන් 15ක ගේ වැඩ තහනම්.. 19ක් ස්ථාන මාරු

පසුගිය මාස දෙක ක කාලය තුළ විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වු නිලධාරීන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

ඔවුන් මහර, මැගසින්, බූස්ස, කොළඹ, වැලිකඩ, ගාල්ල, මීගමුව, වාරියපොළ හා අගුණකොළපැලැස්ස යන බන්ධනාගාරවලට අනුයුක්තව සේවය කරමින් සිටි නිලධාරීන් බව අද (14)දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා ප්‍රකාශ කළේය.

ඔවුන් 15 දෙනා අතර සහකාර අධිකාරිවරයෙක්, ප්‍රධාන ජේලර්වරු දෙදෙනෙක්, ජේලර්වරයෙක් සිටින බව ඔහු පැවසීය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් ඒ ඒ ආයතනවල අධිකාරිවරු, බන්ධනාගාර බුද්ධි අංශ මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගනු ලැබූ යම් යම් කරුණු මත පදනම්ව සිදුකළ මූලික විමර්ශනවලට අනුකූලව මෙම නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බවත් ඒ මහතා පැවසීය.

ඉදිරියේ දී ඔවුන්ට විරුද්ධව විනය චෝදනා යටතේ ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් බරපතළ චෝදනා ඇති නිලධාරීන් සේවයෙන් පහ කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා පවසයි.

එසේම අනිසි ආකාරයෙන් වත්කම් ඉපැයූ බන්ධනාගාර නිලධාරීන්ගේ තොරුතුරු ද පොලිස් දෙපාර්තමේන්තුව විසින් අල්ලස් කොමිසමට යොමුකර ඇති බවත් මීගමුව හා බූස්ස බන්ධනාගාරවල සිටින, සිය පරිපාලනයට සහයෝගය නොදෙන හා සිරකරුවන් සමග යම් යම් සබඳතා පවත්වන බවට අනාවරණය වී ඇති නිලධාරීන් ද මේ වන විට ස්ථාන මාරු කිරීම්වලට යොමු කර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් 9 දෙනෙකු හා බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන් 10 දෙනෙකු මේ වන විට ස්ථාන මාරු කිරීම්වලට යොමුකර ඇති බව ඔහු සඳහන් කළේය.

Related posts

ඩොලරයේ අගය පිලිබද නව දත්ත වාර්ථාවන් නිතුත් කරයි

Admin

දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

පාර්ලිමේන්තු කාරක සභාවේ හෙට විශේෂ රැස්වීමක්

Admin

මෙරට ජාන මංකොල්ලය වැළැක්වීමට පියවර ගන්නවා

colombotoday

පුරාවිද්‍යා අධ්‍යක්ෂ පත් කරන්න ඇමතිට බලයක් නෑ – ඇමති විදුර කියයි

Admin

උලමා හා ISIS සම්බන්ධතා පිළිබදව බොදු බලේ ප්‍රශ්න කරයි…

colombotoday