Colombo Today Local News

පොහොය දින වෙඩි තබා බල්ලෙකු මැරූ විශ්‍රාමික ASP අත්අඩංගුවට

වෙසක් පුන් පොහෝ දා වන අද දින  මීගමුව පෙරියමුල්ල ශාන්ත අන්තෝනි පාරේ නිවසක සුරතලට ඇති කරන බල්ලෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමික පොලිස් අධිකාරී වරයෙක් මීගමුව පොලිසිය මගින් අද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි .

බල්ලාගේ හිමිකරු නිවසේ ගේට්ටුව ඇරීමෙන් පසු බල්ලා එළියට ගොස් ඇති අතර විනාඩි 5 ක් පමණ ගත වෙද්දී වෙඩි සද්දයක් ඇසීමත් සමගම සොයා බැලීමේදී ලේ ගලන තුවාල සහිතව නිවස ඉදිරිපිටට දුවගෙන ආ බල්ලා ඇද වැටී මියගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි .

බල්ලාට වෙඩි ප්‍රහාරය එල්ල වන අයුරු අසළ නිවසක සී.සී.ටීවී කැමරාවක සටහන් වී ඇතැයි මීගමුව පොලිසිය කියයි .

විශ්‍රාමික පොලිස් අධිකාරී වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

මෙරට එන්නත්කරණය ජාත්‍යාන්තර පැසසුමට

colombotoday

මුදල් වෙන්කළ සංවර්ධන ව්‍යාප්ති මේ වසරේ නිමකරන්න – අගමැතිගෙන් උපදෙස්

colombotoday

රථවාහන දඩ මුදල් වැඩි කෙරේ

colombotoday

“එංගලන්තෙ මහ රජ්ජුරුවො දුන්න පළාත් නමයට අප රණ්ඩුවෙන්න ඕන නෑ”.. විග්නේෂ්වරන් ළග තියාගෙන ජනපති කියයි

colombotoday

තවත් දින 4ක් විදුලි කැපෙයි

colombotoday

බහුජාතික, බහු ආගමික ජනපති අපෙක්ෂකයෙක් ගේනවා…

colombotoday