Colombo Today Local News

පොලීසියට බයේ පාතාලය සැඟවෙන අලුත් ස්ථාන හෙළිවෙයි – ඔබත් සහය දී හසුවුණොත් වෙන දේ මෙන්න

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීමේ මෙහෙයුම් අඛණ්ඩවම ක්‍රියාත්මක වන හෙයින් එම ජාවාරම්කරුවන් ආරක්ෂිත නිවෙස් වශයෙන් කොළඹ නවාතැන්පොළවල් (Lodge) යොදාගන්නා බවට බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේය.

ඒ පිළිබඳව මේ වන විට තොරතුරු ලැබී ඇති බැවින් එවැනි අපරාධකරුවන්ට ලැගුම්හල් නොදීමට වගබලා ගන්නා ලෙසයි තෙන්නකෝන් එම හිමිකරුවන්ට උපදෙස් ලබාදී තිබේ.

නවාතැන්පොළවල් හිමිකරුවන් සහ කළමනාකරුවන් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට කැඳවා. තෙන්නකෝන් මහතා මෙම උපදෙස් ලබාදී ඇත.

එසේම ලැගුම්හල්වලට පැමිණෙන පුද්ගලයන්ගේ අනන්‍යතාව හෙළිදරව් කර ගැනීමට සීසීටීවී කැමරා භාවිතය හා සේවකයන් සම්බන්ධ නිෂ්කාශන වාර්තා ලබාගැනීම මෙන්ම තාක්ෂණ උපකරණ භාවිත කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී උපදෙස් ලබාදී ඇති අතර යම් අයකු වුවමනාවෙන්ම පාතාල හෝ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම්වලට සහාය දෙන බව පෙනී ගියහොත් ඊට අදාළ සියලු දේපළ රාජසන්තක කරන බවද මෙහිදී පැහැදිලි කරදී තිබේ.

Related posts

ලංකාව ‘ඉන්දියාවට අමුණන’ ඉන්දු-ලංකා මුහුදු පාලම හදන සැලසුම සූදානම් – ඉන්දීය රජය

colombotoday

“බැදුම්කර වංචාව වැළැක්වූවානම් වැට් ගහන්න වෙන්නෑ“ – ඇමති දයාසිරි

colombotoday

බස්නැවතුමට කඩා වැදි වෑන්රථයක් කතුන් තිදෙනෙකුට මරු කැදවයි

Admin

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සහ අනිද්දා වැඩ වර්ජනයක්

colombotoday

MCC ගිවිසුම අත්සන් කරන ආණ්ඩුවක මම මොහොතක් ඉන්නෑ- විමල්

colombotoday

පක්ෂ නායක රැස්වීමෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන දිනය ගැන තීරණය වෙනස් වෙයි

colombotoday