Colombo Today Local News

බස්නැවතුමට කඩා වැදි වෑන්රථයක් කතුන් තිදෙනෙකුට මරු කැදවයි

කුරුණෑගල සිට නාරම්මල දෙසට ධාවනයවූ වෑන්ථයක් ඊයේ (20) සවස නාරම්මල බැඳිගමුව මන්සන්දියේ බස්රථයකට ගොඩවීම සඳහා මාර්ගය අසල රැඳීසිටි කාන්තාවන් තිදෙනකු යට කරගෙන යෑමෙන් කාන්තාවන් දෙදෙනකු එම ස්ථානයේදීම මියගොස් බරපතල තුවාල ලැබූ අනෙක් කාන්තාව රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් ඇති බව නාරම්මල පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ නාරම්මල බැඳිගමුව ප‍්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි ජයකොඩි ආරච්චිලාගේ චනද්‍රාවතීල ලද්දුසිංහ බදු සාමාවතීල, බාලසූරිය ආරච්චිලාගේ කාන්ති චන්ද්‍රලතා යන කන්තාවන් බවත් මොවුන් තිදෙනා සමෘධි බැංකුවක් වෙත යෑම සඳහා බස්රථයකට ගොඩවීමට මාර්ගය අසල රැඳීසිටියදී මෙම අනතුරට මුහුණපා ඇතිබවද සඳහන්වේ.

කුරුණෑගල දෙස සිට ගමන්කර ඇති වෑන්රථය මාර්ගයේ සිටි කාන්තාවන්ගේ ගැටී ඒ ආසන්නයේ තිබූ කුඹුරකට ඇදීගොස් නතරවී ඇති බවත් මිය ගිය කාන්තාවන් දෙදෙනා සහ බරපතල ලෙස තුවාල ලබා සිටි කාන්තාව නාරම්මල රෝහලට ඇතුලත් කර පසුව තුවාල ලැබූ කාන්තාව කුරුණෑගල මූලික රෝහල වෙත මාරුකර යැවීමෙන් පසු එහි ප්‍රතිකාර ලබමින් සිටිදී මියගොස් ඇති බවද පැවසේ.

Related posts

හමුදා කදවුරු නිරීක්ෂණයට එක්සත් ජාතීන් අවසර ඉල්ලයි…

colombotoday

මත්තල වී තොග මත්පැන් සමාගමකට විකුණලා! ‘සමාගමේ නම මට මතක නෑ’ – ඇමති හැරිසන්

colombotoday

ගංඟා වල ජල මට්ටම් ඉහළට

colombotoday

උතුරේ සේවයට දෙමළ පොලිස් නිළධාරීන් 400 ක් බදවා ගැනේ

colombotoday

දේශීය නිෂ්පාදිත සිමෙන්ති වර්ග දෙකක මිළ ඉහළට

colombotoday

කෝප් කමිටුව ගිනි ගනියි – හොරු රකින්න එජාපයෙන් වෙනම වාර්තාවක්

colombotoday