Colombo Today Local News

පැය 9කට පසු පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් හිටපු ජනපතිගේ නිවසින් පිටව යයි

පැය 9ක කාලයක් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන්,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසින් පිටව ගොස් තිබේ.

පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද පෙරවරුවේ ඒ මහතාගේ කොළඹ, පැජට් පාරේ පිහිටි නිවසට පැමිණ තිබුණි.

හිටපු ජනාධිපතිවරයාට ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (26දින පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙන්නැයි පසුගිය 21 වැනිදා දැනුම් දී තිබුණි.

නමුත් තමාට එම පොලිස් ඒකකයට පැමිණීමට නොහැකි බවත් සිය කොළඹ නිවසට පැමිණ ප්‍රකාශ ලබා ගන්නා ලෙසත් හිටපු ජනාධිපතිවරයා කොමිසමේ පොලිස් ඒකකයට දැනුම් දී තිබුණි.

Related posts

යසාරා මජිරාත් FCID අත්අඩංගුවට පත්වෙන ලකුණු

colombotoday

උත්සව සමයේ මුළු රටටම විශේෂ ආරක්ෂාවක් – ජනපතිගෙන් උපදෙස්

colombotoday

500 ගංජා මිටිය එංගලන්තයේ රුපියල් 5000 – ගුණතිලක පාර්ලිමේන්තුවේදී මිල සසඳයි

Admin

මහ වැසි අස්සේ එළවළු මිලත් ඉස්සේ…

colombotoday

කථානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගැන තීරණයක්

Admin

“බැසිල් කීවේ රාජ්‍ය සේවකයා රටට බරක් බව නෙවෙයි” – ඇමති ඩලස් කියයි

colombotoday