Colombo Today Local News

පාරවල් මාරු වෙයි, කොළඹ ගමන් අලුත් වෙයි.

දිනෙන් දින උග‍්‍රවන කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කර ගැනීම සඳහා නව සැලැස්මක් කි‍්‍රයාවට නැංවීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

එම රථ වාහන සැලැස්ම පළමුව කි‍්‍රයාත්මක වන්නේ රාජගිරිය සහ මහරගම යන ප‍්‍රදේශවලයි.

එය ලබන සඳුදා සිට කි‍්‍රයාත්මක බවයි රථ වාහන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා පැවසුවේ.

රාජගිරිය ප‍්‍රදේශයේ නව රථවාහන සැලැස්ම කි‍්‍රයාත්මක වන්නේ සතියේ දිනවල පෙරවරු 7 යි 30ට සිට පෙරවරු 8 යි 45 දක්වා වූ කාලය තුළයි.

මහරගම නගරය ආශි‍්‍රත රථ වාහන සැලැස්ම සතියේ දිනවල රාතී‍්‍ර අට දක්වා සිදු කිරීමටයි පොලිසිය සැලසුම් කර ඇත්තේ.

රථ වාහන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා කියා සිටියේ වර්තමානයේ කොළඹ නගරයේ රථ වාහන තදබදයට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ නීති කඩ කරන රියැදුරන් බවයි.

ඔහු මේ බව ප‍්‍රකාශ කළේ දෙල්කඳ මංසන්ධිය ආශි‍්‍රතව පවතින රථ වාහන තදබදය උදාහරණයට ගනිමින්.

අවිනීත රියැදුරන් හේතුවෙන් සිදුවන අනතුරුවල පවා ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි එ් මහතා සඳහන් කළේ.

කොළඹ නගරයේ පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා මහරගම සහ රාජගිරිය ආශි‍්‍රතව කි‍්‍රයාත්මක නව රථවාහන සැලැස්මේ පෙරහුරුවක් හෙට (10) සහ අනිද්දා (11) දිනයේ සිදු කෙරෙනවා.

වැලිකඩ ප‍්‍රදේශයේ රථ වාහන පෙරහුරුව හෙට (11) සහ අනිද්දා (12) දෙදින පෙරවරු 10.30 සිට 11.30 දක්වා සිදු කෙරෙනු ඇති.

මහරගම ප‍්‍රදේශයේ රථ වාහන පෙරහුරුව සිදු කෙරෙන්නේ ලබන ඉරිදා පෙරවරු 9.10 දක්වායි.



Related posts

“නීතිය හා සාමය ෆොන්සේකාට දී 2020 දක්වාම යහපාලනය කරන්න ශ්‍රීලනිපය එකගයි” – දුමින්ද දිසානායක

colombotoday

මුදල් ඇමති රට යයි

colombotoday

20 ගේන්නේ බැසිල් පාර්ලිමේන්තු ගේන්නද? මෛතී‍්‍රට තනතුරු දෙන්නද?

colombotoday

වෘත්තිය සමිති ක්‍රියාකාරීන් රිමාන්ඩ්

Admin

දේවගැති ජෙරම් යළි රිමාන්ඩ්

Admin

එක්නැළිගොඩ අතුරුදන්වීම : අත්අඩංගුවට ගත් බුද්ධි අංශ නිලධාරියා රිමාන්ඩ්…

colombotoday