Colombo Today Local NewsHot News

දුම්වැටි, මත්පැන් වලට වඩා සීනි, තෙල්, ලුණු අහිතකරයි. ඒ නිසා ලොකු බද්දක් පැණවිය යුතුමයි…

Rajitha-415x260

දුම්වැටි, මත්පැන් ආදියට වඩා තෙල්, සීනි, ලුණු සෞඛ්‍යයට අහිතකර බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ස්වර්ණවාහිනියේ පැවති දේශපාලන වැඩසටහනක් අමතමින් පවසයි. ඒ මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේ දුම්වැටි, මැත්පැන් වලින් රෝගී වන ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් තෙල්, සීනි, ලූණු නිසා රෝගී තත්වයට පත්වන බවයි.

මේ නිසා දුම්වැටි මත්පැන් ආදියට පනවා ඇති බදුවලට වඩා වැඩි බද්දක් තෙල්, සීනි, ලූණු සඳහාද පැනවිය යුතු යයි ඔහු කියා සිටියේය.

මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පසුගියදා මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ පොල් තෙල් වලට ෆාම් තෙල් මිශ්‍ර කර විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් රට පුරා ක්‍රියාත්මක වන බවයි. ඒ පිළිබදව සොයා නොබලන බලධාරීන් පොල් තෙල් සෞඛ්‍යයට අහිතකර බව කියමින් මිළ වැඩි කිරීමට සූදානම් වන බවයි ඔවුන් චෝදනා කරන්නේ.

Related posts

අනුරාධපුරයෙන් පළමු තැනට එස්.එම් චන්ද්‍රෙස්න

colombotoday

බෞද්ධ හා පාලි සරසවියේ ඉගැන්වීම් කටයුතු Online ක්‍රමයට..

Admin

කෝටි 6කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගුව අල්ලයි

Admin

කොවිඩ් මර්දන කමිටුව අද රැස්වෙයි

colombotoday

2018 අයවැය සජීවීව (LIVE)

colombotoday

වැඩිම මුදලක් වැය කෙරෙන අමාත්‍යංශ 10ක වියදම් විශ්ලේෂණය ට තීරණයක්

Admin