Colombo Today Local News

පකිස්තානයේ සිරවී සිටි සිසුන් 113ක් ලංකාවට

පකිස්තානයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටියදී , කොවිඩ් – 19 වසංගත රෝගී තත්වය නිසා , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි සිසුන් 113 ක් අද (21 )දින සවස ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය.

ඔවුන් අද (21) දින සවස 6.05 ට පකිස්තානයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

පකිස්තානයේ ලාහෝර් නුවර ගුවන් තොටුපළෙන් සිසුන් 93 ක් ද , කරච්චි නුවර ගුවන් තොටුපළෙන් සිසුන් 20 ක් ද මෙම ගුවන් යානය තුළට පිවිසී සිටියහ .

මෙම සිසුන් සියලු දෙනා ගුවන් යානය තුළත් , සෞඛ්‍යාරක්ෂිතව , දුරස්ථභාවයකින් යුතුව අසුන් ගන්වා තිබුණි .

ගුවන් යානයෙන් බැස ගුවන් තොටුපළ වෙත ඇතුළු වූ එම සිසුන් සියලු දෙනා සහ ඔවුන් රැගෙන පැමිණි ගමන් මලු සියල්ල ද , ගුවන් තොටුපළ තුළදී විෂබීජහරණය කිරීමකට ලක් කෙරුණි .

එසේම ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් , ඔවුන්ට කොවිඩ් – 19 රෝග ලක්ෂණ තිබේදැයි ගුවන් තොටුපළ තුළ දී විමසිලිමත් වීමක් ද සිදු කෙරුණි .

ඉන්පසුව මෙම සිසුන් ශ්‍රී ලංකා යුධ හමුදාව මගින් විශේෂ බස් රථ 05 ක් මගින් නිරෝධනය කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබුණි.

Related posts

කොස්තාපල්වරයකුට පොරොවෙන් කෙටූ හිටපු එල්.ටී.ටී.ඊ සමාජිකයෙක් අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

Admin

මැතිවරණ ආචාරධර්ම නීතිගත කිරිමට පියවර

colombotoday

බුදු පිළිම වහන්සේට රේගුවෙන් රත‍්‍රං නිදහස් කල නිලධාරීන් අත්අඩංගුවට ගන්න පෙර උපදෙස් දුන් සංඝරත්නය අත්අඩංගුවට ගන්න

colombotoday

හොර දැව ඇද්දාට රුපියල් 60,000/= දඩයක්. | ලක්ෂ 50ක් වටිනා ලොරි රථය රාජසන්තකයි.

colombotoday

ඇෆ්ලාටොක්සින් කඩයිම් මට්ටම සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ජනපතිගේ උපදෙස් මත යළි අහෝසියි

colombotoday