Colombo Today Local News

හොර දැව ඇද්දාට රුපියල් 60,000/= දඩයක්. | ලක්ෂ 50ක් වටිනා ලොරි රථය රාජසන්තකයි.

බලපත්‍ර නොමැති දැව ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරදකරු කළ දැව ජාවාරම් කරුවකුට රුපියල් 60,000/= දඩයක් නියම කළ කුරුණෑගල මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා නීතිවිරෝධී අයුරින් ප්‍රවාහනය කළ රුපියල් ලක්ෂ 5 කට ආසන්න තේක්ක දැව තොගය මෙන්ම එම දැව ප්‍රවාහනය කිරීමට යොදාගත් රුපියල් ලක්ෂ 50ක පමණ වටිනා ලොරි රථයද රාජසන්තක කිරීමට නියම කළේය.

විත්තිකරුට එරෙහි චෝදනා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් කිසිදු සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීරණය කරමින් විත්තිකරු චෝදනාවන්ට වරදකරු කළ මහේස්ත්‍රාත්වරයා දැව ජාවාරම්කරුට අදාළ දඬුවම් නියම කළේය.

රථයේ හිමිකරු වන විත්තිකරු විසින්ම නීති විරෝධී දැව ප්‍රවාහනය කොට ඇති බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇති හෙයින් ලොරි රථය සම්බන්ධයෙන් විමසීමක් කිරීමට අවශ්‍යතාවක් නොමැති බව තීන්දු කළ මහෙස්ත්‍රාත්වරයා නීතිවිරෝධී දැව ප්‍රවාහනයට යොදාගත් ලොරි රථයද රාජසන්තක කළේය.

චෝදනාවට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ මාස්පොත වැවහේන පාරේ පදිංචි ඩී.බී. හේමපාල නැමැත්තාටය.

වාරියපොල කුරුණෑගල මාර්ගයේ මාස්පොත ප්‍රදේශයේදී වලංගු බලපත්‍රයක් නොමැතිව රුපියල් 4,58,228/- ක් වටිනා තේක්ක ඉරු දැව තොගයක් ලොරි රථයෙන් ප්‍රවාහනය කළ බවට විත්තිකරුට එරෙහිව කුරුණෑගල අඩවි වන නිලධාරිවරයා විසින් නඩු පවරා තිබිණි.

Related posts

තහනම් ඖෂධ තොගයක් සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට

Admin

අන්තරේ විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

Admin

එක්නැළිගොඩ අතුරුදන්වීම : අත්අඩංගුවට ගත් බුද්ධි අංශ නිලධාරියා රිමාන්ඩ්…

colombotoday

පැය 24ක් තුළ බස්නාහිර පළාතේ කළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය සමඟ 381ක් අත්අඩංගුවේ

colombotoday

සංවිධානය කළ උත්සව-චාරිකා නවත්වන්න – යුද හමුදාපති

colombotoday

විරෝධතා පැවැත්වීමට ජනතාවට ඇති අයිතිය වැළැක්වීමට පියවර ගන්න එපා.. – ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයට අවධාරණය කරයි

colombotoday