Colombo Today Local News

බොරලැස්ගමුවේ භික්ෂූන් වහන්සේලා ස්වයං නිරෝධානයට

බොරලැස්ගමුව  රත්තනපිටිය විශ්ව විද්‍යාල පාර ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිතයාගේ පවුලේ අය සමඟ නිවස ආසන්නයේ පිහිටා ඇති විහාරස්ථානයට ඉකුත් 19 වැනි දින දහවල් දානමය පිරිනැමීම හේතුවෙන් එහි විහාරාධිපති හිමියන් ඇතුළු භික්ෂූන්  වහන්සේලා  විහාරස්ථානය තුළ ම  අද 21 ස්වයං නිරෝධනයට  ලක් කළ බව බොරලස්ගමුව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය වැඩ බලන පරිපාලන  මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.ඒ.කේ. විජේසූරිය මහතා පැවසීය.

වයස අවුරුදු 56 වන එම එම පුද්ගලයා උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සෑදීම හේතුවෙන් ඊයේ  20 ශ්‍රී ජයවර්ධන රෝහලට  ඇතුළත් කෙරිණි .

අනතුරුව සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී  ඔහු  කොරෝනා  ආසාදිතයකු  බවට තහවුරු වූ බව  විජේසූරිය මහතා පැවසීය.

එම අවස්ථාවේදී ආසාදිත රෝගියා රෝහලට ඇතුළත් කර රැගෙන ගිය ඔහුගේ පුත්‍රයා එම රෝහලට ද ඇතුළත් කළ බවත් ඔහුගෙන්  කිසිදු කොරෝනා ආසාදිත   රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා පැවසීය .

රෝගියාගේ  බිරිඳ ද එම නිවස තුළම ස්වයං  නිරෝධනය ලක් කිරීමට අද දින  පියවර ගත් අතර එම නිවස සහ විහාරස්ථානය භූමිය  සහ අවට ප්‍රදේශ විෂබීජ හරණයට ලක් කළ බව  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය .

Related posts

පාස්කු ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම: ISIS in sri lanka කණ්ඩායමට එරෙහිව ලොස් ඇන්ජලීස් අධිකරණයේ නඩු

colombotoday

නඩු 1500 කට අධික ප්‍රමාණයක විත්තිකරුවන්ට ඇප

colombotoday

වැරදි හදාගන්න… විල්පත්තුවේ කැපූ ගස්වල හිලව්වට ගස් ලක්ෂයක් හිටවන්නැයි ජනපති ඇමති රිෂාඩ්ට කියයි..

colombotoday

කොළඹ හෝටල් සහ රෙස්ටුරන්ට් විවෘත කරන්න හෙට සිට අවසර.

colombotoday

ප්‍රාදේශීය පොලීසිවල ක්‍රියාකාරීත්වය ගැන තමන් සතුටු නොවන බව ආරක්ෂක ලේකම් කියයි

colombotoday

“ලංකාවේ මාරුතී මාමා මරු.. බදු අඩුකරලා අපේ වාහන ටික විකුණලා දෙනවා.. ඉන්දියාවේ අය දැන් හිතන්නේ එහෙමයි” බන්ධුල ගුණවර්ධන

colombotoday