Colombo Today Local News

නොදන්වා කැපූ විදුලිය හෙට සිට කාල සටහනකට කපයි…

අධික විදුලි ඉල්ලූම සහ ජලාශ වල ජලමට්ටම සීඝ්‍රයෙන් අඩුවී තිබීම හමුවේ ප්‍රමාණවත් සැපයුමක් ලබාදීමට නොහැකිවීම හේතුවෙන් විදුලි කප්පාදු කාලසටහනක් හඳුන්වාදීමට විදුලිබල මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන්  විදුලි ඉල්ලූම සීග්‍රයෙන් ඉහළ යාම නිසා අවශ්‍ය විදුලි සැපයුම අඛන්ඩව ලබාදීමේ ගැටළු මතුව පවතින බවයි.

මේ හේතුවෙන් උදෑසන 8.30 සිට 11.30 දක්වාත්, පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති අතර පස්වරු 2.30 සිට 5.30 දක්වාත්, පස්වරු 6.30 සිට 7.30 දක්වා හෝ පස්වරු 7.30 සිට රාත්‍රී 8.30 දක්වාත් කාළය තුල  විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ.

Related posts

කොටින්ගේ හොරි කහන්න ජිනීවා ගිය වයිකෝට UN ආරක්ෂාව !

colombotoday

බුද්ධාගමට අපහාස කළ අබ්දුල් රාසික් රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

අසාද් සාලිට රජයෙන් ප්‍රභූ ආරක්ෂාව දීලා, මධ්‍යම සභාවේදී කුණු බැනුම්

colombotoday

රෝහලේ ප්‍රතිකාර ලැබු පොලිස් සැරයන් අතුරුදන් – පොලිසිය විමර්ෂණ ඇරඹෙයි.

colombotoday

ෆොන්සේකාගේ බලාපොරොත්තු සුන් වෙයි.. නීතිය හා සාමය රංජිත් මද්දුමබණ්ඩාරට

colombotoday

සර්ව පාක්ෂික රජයකට සාකච්ඡා ඇරැඹෙි

colombotoday