Colombo Today Local News

සර්ව පාක්ෂික රජයකට සාකච්ඡා ඇරැඹෙි

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා වට තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (2)දින පැවැත්වුණු බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ සාමාජිකයන් පළමු සාකච්ඡා වටයට එක්ව සිටි අතර දෙවන සාකච්ඡාව ලංකා කම්කරු කොංග්‍රසය සමග පැවැත්විණි. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් සහ එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් යන මහත්වරු ඇතුළු නියෝජිතයෝ ඊට සහභාගී වූහ.

තෙවන සාකච්ඡාව ජාතික කොංග්‍රසය සමග පැවැත්වුණ අතර එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා ඇතුළු නියෝජිත පිරිසක් ඊට සහභාගී වූහ.

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳ හෙට (03) දිනයේ ද පාර්ශ්ව කිහිපයක් සමග ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට නියමිත බවත් සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රැසක් ඉදිරි සාකච්ඡා වලට එක්වීමට එකඟතාව පළ කර තිබෙන බවත් ජනාධිපති කාර්යාලය කියයි.

සර්ව පාක්ෂික රජයක් පිළිබඳව මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින්, සිවිල් සංවිධාන, තරුණ කණ්ඩායම් ඇතුළු සමස්ත ජනතාව දැඩි විශ්වාසයකින් හා අපේක්ෂාවෙන් පසුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Related posts

ජනපති පැනවූ හදිසි නීති රෙගුලාසි අද පාර්ලිමේන්තුවේ අනුමැතියට..

colombotoday

වරාය නගරය පිළිබඳ අධ්‍යයන කමිටුවේ අවසන් වාර්තාව අගමැතිට

colombotoday

ශ්‍රීලනිපයේ මතය අගමැතිට දැනුම් දෙයි

colombotoday

හිටපු රාජ්‍ය ඇමැති විජයකලා අනතුරකින් දැඩි සත්කාර ඒකකයේ

Admin

මුස්ලිම් වර්ල්ඩ් ලීගයෙන් ශ්‍රී ලංකා ජනපතිට ඩොලර් මිලියන 05ක පොල්ලක්

colombotoday

පළාත් සභා සීමාව ඉක්‌මවා යමින් විධායකය අහෝසි කළොත් රට ෆෙඩරල් වෙනවා

colombotoday