Colombo Today Local News

ජනපති පුටුවේ අසුන් ගත් සැකකරුවෙක් පොලිසියෙන් අල්ල ගනී

පසුගිය මස 09 වැනි දා ජනාධිපති මන්දිරයට ඇතුළු වී ජනාධිපතිවරයා අසුන්ගන්නා පුටුවේ අසුන්ගෙන ඡායාරූප ලබාගත් තරුණයෙකු දැරණියගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

28 හැවිරිදි සැකකරු සමන්පුරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ලබන 10 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

මේ අතර අරලිය ගහ මන්දිරයට ඇතුළු වී අයුතු ජනරාශියක සමාජිකයින් වූ දෙදෙනෙකු ඊයේ ජා-ඇළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

35 හා 37 හැවිරිදි සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර පසුගිය මස 13 වැනි දා කොළඹ 07 මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපොළවලට හානි කිරීම සම්බන්ධයෙන් හඳුනාගත් ප්‍රධාන ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.

ඒ, එම සිද්ධිය සම්බන්ධ සමීප අවේක්ෂණ දර්ශන විමර්ශනයේදී ලබාගත් ඡායාරූප කිහිපයක් ද මාධ්‍යයට නිකුත් කරමිනි.

එම පිරිස සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 0718 594 950, 0718 594 901 හා 0718 594 924 යන අංකවලට WHATSAPP හෝ ඇමතුම් මගින් දැනුම් දිය හැකියි.

මීට අමතරව 011 242 21 76 යන දුරකතන අංකයට ද ඒ සම්බන්ධ තොරතුරු දැනුම් දිය හැකි බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Related posts

ආගමික දේශන ඇතුළත් සී.ඩී. තැටි 797ක් පල්ලියක තිබී අත්අඩංගුවට…

colombotoday

51%ක කොටස් චීන සමාගමකට පැවැරීමට ගිවිසුම් ගහලා

colombotoday

අගමැති රනිල් ඇමති දුමින්දට හොරෙන් පොහොර සමාගම් හමුවුණේ ඇයි?

colombotoday

2024 ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ

Admin

ද්වේශසහගත සහ නොමඟ යවන සුළු මාධ්‍ය වාර්තාවලට නොරැවටෙන්න. – යුද්ධ හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටී

colombotoday

“මට කුඩුවෙන්න ගැහුවා” හිටපු ජනපති අත්සන් කළ ගැසට් 65ක් ගැන අනාවරණයක්

colombotoday