Colombo Today Local News

නොදන්න දෙයියන්ට වඩා දන්නා මහසෝණා හොදයි, මීලග ජනාධිපති වීමට රනිල්ට නියත විවරණ දෙනවා – තීනියාවල පාලිත හිමි

මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජනාධිපති වීමෙන් පසු ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නියත විවරණ දෙන බව පූජ්‍ය තීනියාවල පාලිත හිමියෝ සඳහන් කරති.

රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සිටින ඉතාම දක්ෂ පාලකයෙක් බවත් ලංකාවේ වැඩිපුරම බැනුම් අැසූ අගමැතිවරයෙක් ද වන ඔහු නොයෙක් අපහාස උපහාස විඳින ලද අගමැතිවරයෙක් ද වන බව උන්වහන්සේ පැවසූහ.

ඊයේ පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැති බෝධිපූජා පින්කමකදී අදහස් පල කරමින් කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේද අඩුපාඩුකම් දුර්වලකම් කොතෙක් ඇතත් ඒවා අමතක කළ යුතු බවත් කී උන්වහන්සේ නොදන්නා දෙයියන්ට වඩා දන්නා මහසෝනා හොඳ යැයිද සඳහන් කළහ.

හිනා නොවුනාට, කතා නොකළාට, ළමයි වඩා නොගත්තාට ඕනෑම ලෝකයේ රාජ්‍ය නායකයෙකුට දුරකථනයෙන් ඇමතිය හැකි නායකයෙක් නිසා තමන් මීළඟ ජනාධිපති වීමට රනිල් වික්‍රමසිංහ මහතාට නියත විවරණ දෙන බවද උන්වහන්සේ පැවසූහ.

Related posts

ගෑස් මිල ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය !

colombotoday

දික්වැල්ලේ පොලිස් වැටලීමකදී සොයා ගත් ගිනි අවි

colombotoday

ජනපති හා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

Admin

කාසල් රෝහලේ සය නිවුන් නළ දරු උපතක් – දරුවන්ගේ ජීවිත අවදානම් තත්වයක

Admin

අධිවේගයෙන් වාර්තාගත ආදායමක්.. 16දා ආදායම මිලියන 17යි !

colombotoday

යහපාලන ගොනා බුද්ධාගමටත් අනී – සුද්දා 1815දීවත් නොකළ ද්‍රෝහීකමකට අර අදී

colombotoday