Colombo Today Local News

නීතිවිරෝධීව ගෙනආ කහ කිලෝ 1000ක් කල්පිටියේදී හමුවේ

තීරුබදු රහිතව ආනයනය කළ බවට සැළකෙන කහ කිලෝ ග්‍රෑම් දහසකට ආසන්න ප්‍රමාණයක් කල්පිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන තිබේ.

පුත්තලම විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී කල්පිටිය, එරුම්පුකුඩල් ප්‍රදේශයේ ලොරි රථයක තිබී කහ කැබලි කිලෝග්‍රෑම් 998ක් එලෙස සොයාගෙන ඇත.

අදාළ ස්ථානයේ තිබී එම කහ තොගය ගෙන්වූ පුද්ගලයාගේ බවට සැකකළ හැකි ලියකියවිලි කිහිපයක් ද විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

කහ තොගය සහ එම ලියකියවිලි වැඩිදුර විමර්ශන සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත බාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.

Related posts

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 264ක් අල්ලයි

colombotoday

18 ට වැඩි සැමට රජයෙන් ආදායම් බදු ලිපිගොණුවක්… සියළු ගණුදෙනු නිරීක්ෂණය කරයි

colombotoday

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වේ

colombotoday

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රැකගන්න වෘත්තීය සමිති හයකින් ජනපතිට ලිපියක්

colombotoday

හිටපු බුද්ධි ලොක්කගේ දුරකතනයේ දත්ත යලි ලබා ගැනීමට නොහැකි ලෙස විනාශ කරලා. | පාස්කු කොමිසමේදී අනාවරණය වෙයි.

colombotoday

කුඔුක් කදන්වල වැවේ දිය නෑමට ගිය 7 හැවිරිදි දරුවෙක් කිඔුලෙක් ඩැහැගෙන යයි

colombotoday