Colombo Today Local Newsfeatured

නීතිය හා සාමය අමාත්‍යංශය ජනපති යටතේ තබා ගැනීමට තීරණයක්


හෙට සිදුවන නව කැබිනට් මණ්ඩලය පත්වීමත් සමගම නීතිය හා සාමය අමාත්‍යංශය එජාපයේ කිසිවෙකුටත් ලබා නොදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ තබා ගැනීමට තීරණයක් ගෙන ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව සිදුවෙන පරීක්ෂණ සඳහා බාදාවක් සිදුවේය යන විශ්වාසය හේතුවෙන් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරත් එම වාර්තා පෙන්වා දෙන්නේ.

මෙම ඝාතන කුමන්ත්‍රණය සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ, ප.ම සරත් ෆොන්සේකා, ප.ම රන්ජිත් මද්දුම බණ්ඩාර, පොලිස්පති පුජිත ජයසුන්දර යන පුද්ගලයින්ට චෝදනා එල්ල වූ අතර මෙහි ප්‍රධාන සැකකරු වෙන හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Related posts

දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

ජාතික නිදහස් පෙරමුණු මන්ත්‍රීවරු ආණ්ඩුවේ තනතුරු අත්හරිති

colombotoday

පාඩු පිට පාඩු ලබන තෙල් සංස්ථාවෙන් ඇමති දෙපළට කෝටි 6ක වාහන 2ක්

colombotoday

රියැදුරු බලපත්‍ර මුද්‍රණය ලබන සඳුදා යළි ඇරඹේ…

Admin

සිව් නිවුන් දරු උපතක් පුත්තලම රෝහලේ…

colombotoday

“අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවලට පමණක් මුදල් වෙන් කරන්න” – ජනපතිගෙන් උපදෙස්

Admin