Colombo Today Local NewsTop Stories

නීත්‍යානූකූලව විශ්වාසභංගයක් ඉදිරිපත් කලහොත් මෙය අත්හැර යනවා.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියයි.


ඊයේ පාර්ලිමේන්තුව නාඩගම් මඩුවකට සමාන බවද නීත්‍යානූකූල ආකාරයට විශ්වාසභංගයක් ඉදිරිපත් කලහොත් මෙය අත්හැර යාමට සූදානම් බවද නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියයි.

මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ ඊයේ (16) කසාගල පුරාණ විහාරයේ පැවැති පූජෝත්සවයකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසූවේය.

‘‘අද පාර්ලිමෙන්තුව නාඩගම් මඩුවකට සමානයි. මන්ත්‍රීවරු තමන්ගේ විරෝධය පල කලා මොකද මේ අවස්ථවේ එන්න ප්‍රශ්නයක් නැහැ, නමුත් මේ පිහි අරන් ආව අයට යම්කිසි පියවරක් ගන්න. නමුත් ඒක ගත්තේ නැහැ. තරුණ මන්ත්‍රීවරු අනිවාර්යෙන් ඒකට විරුද්ධව නැගී හිටියා. පාර්ලිමේන්ත්වේ මේ ඇතිවුණ අර්බුදකාරි තත්වයට හා මේ රටේ ඇති වුණු අර්බුදකාරී තත්වයට වගකියන්න ඕනෑ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 මේ ප්‍රශ්නය විසදන්න බැරිනම් මේ ඉන්න ජනතාවට බලය දෙන්න ඕනෑ. ඡන්ද දායකයාට බලය දුන්නම කාටවත් මේකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඡන්දයක් දීම තුලින් කාගෙදෝ මූලික අයිතිවාසිකම් නැතවෙයි කියල මම දැක්ක තියෙනවා. මේ තියෙන වැඩපිළිවෙළ ඉතාමත් කණගාටුයි. අපි ආණ්ඩුව ගෙනියනවා. මේව දාලා දුවන්නේ නැහැ.

නීත්‍යනූකූලව ඇවිත් විශ්වාසභංග යෝජනාවක් සම්මත කරගත්තොත් එදාට අපි මේක දීල යන්න සූදානම්. නමුත් බලහත්කාරයෙන්, මේ ආකාරයෙන් අපහාසාත්මක විදියට කලොත් මේක ලේසිවෙන්නේ නැහැ.

ජනාධිපතිවරයාට විතරයි මේක එහාට මෙහාට කරන්න පුළුවන්. අපි මේව දාලා යනවා. එළවනකල් ඉන්නේ නැහැ. ජනාධිපතිවරයාට තියෙන බලතල වෙන කෙනෙකුට ගන්න බැහැ. අධිකරණයට වුණත් ඒ බලය උදුරාගන්න පුළුවන්කමක් නැහැ. එකිනෙකාට ගෞරව වෙන විදියට ඒ ආයතන තුන වැඩකරන්න ඕනෑ.”

Related posts

ලංගම සේවකයින්ගේ වන්දි ගෙවීම් තාවකාලිකව නවතයි

colombotoday

වන්දනාවේ ගිය වෑන් රථයක් අනතුරක – 11ක් රෝහලේ..

Admin

පොල්ගස්ඕවිට ඇලක නාඳුනන පිරිමි මළ සිරුරක්

colombotoday

හරක් හොරකමේ ගිය පීසී අල්ලයි

Admin

ගොඩනැගිල්ල විකුණා දැමේ.. ස්වර්ණවාහිනිය බැදුම්කරේ යටතට ?

colombotoday

පුංචි ඡන්දේ අප්‍රේල් 25

Admin