Colombo Today Local News

නිවාස ඇමතිගේ ලේකම්වරයෙක් නිධන් හාරමින් සිටියදි හසුවේ

එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ ලේකම්වරයෙකු වන අයෙකු කතරගම ප්‍රදේශයේදී නිධන් හාරමින් සිටියදී පොලිස් අත් අඩංගුවට පත්ව ඇත.

මීට පෙර වතාවන් දෙකකදී ඔහු නිධන් ලබාගෙන ඇති බව පාපොච්චාරණයේදී පවසා ඇත.

වැඩසිටි කන්ද ප්‍රදේශයේ නිධානයක් සහ සෙල්ල කතරගම ප්‍රදේශයේ නිධානයක් ඔහු විසින් ලබාගෙන ඇති බව තතු දත් ආරංචි මාර්ග පවසයි.

ඔහු පොලිස් අත්අඩංගුවට පත් වූ විගස ප්‍රභූ දුරකථන ඇමතුමක් මගින් නිදහස් කරන ලෙස බලපෑම් කර ඇති අතර, කෙසේ නමුත් කතරගම පොලිස් ස්ථානය වෙතින් ඉඳුරාම වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කිරීම හරහා සැකකරුවන් කිසිදු බලපෑමක් නිසා හෝ නිදහස් නොකරන ලෙස දන්වා ඇත. මේ සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

voiceofceylon.com

Related posts

ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

colombotoday

ව්‍යාපාරිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක්

colombotoday

නීතිය සාමය මද්දුමබණ්ඩාරට දීම පිළිකුල්.. මහනුවර ගැටුම් ඇතිවුණේ නායකත්වයේ වරදින්

colombotoday

තොරතුරු දැනගැනීමේ පනත ඒකමතිකව සම්මතයි

colombotoday

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්

Admin

කෝප් කමිටු වාර්තාව : උතුරු-මධ්‍යම අධිවේගී මාර්ගය පටන් ගන්නත් කලින් කෝටි 185ක මුදලක් ගහින්

colombotoday