Colombo Today Local News

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිවරුන්ගෙන් දඩ කුලියක් අය කිරීමට පියවර

රජයේ නිල නිවාස මෙතෙක් භාර නොදුන් හිටපු අමාත්‍යවරුන්ගෙන් දඩ කුලියක් අය කර ගැනීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මේ වනවිට හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සිය නිල නිවාස ආපසු භාර දී ඇති බවයි.

එහෙත් බහුතරයක් මෙතෙක් නිල නිවාස භාරදී නොමැති බව ඔහු සඳහන් කළේ ය.

නිල නිවාස භාර දෙන ලෙසත් එසේ භාර නොදෙන පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවටත් දෙවැනි සිහි කැඳවීම් ලිපිය මේ වනවිට ඔවුන්ට යොමුකර ඇති බව ලේකම්වරයා පැවසුවේ ය.

සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, හිටපු අමාත්‍යවරුන් ලබා ගත් නිල වාහනවලින් බහුතරය මේ වනවිට අමාත්‍යාංශයට භාරදී ඇති බවයි.

Related posts

ඉන්දියාව හැදූ ලොකුම යුධ නැව ශ්‍රී ලංකාව මිළ දී ගනී !

colombotoday

“ඒකීය රාජ්‍ය” නව ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි, දෙමළ පිටපත්වලින් හැලෙයි..!

colombotoday

කන්දකාඩු රැඳවියන් හමුවීමට පැමිණි ඥාතීන් 119ක් නිරෝධායනයට

colombotoday

ආපදා කළමනාකරණ අංශ නිල වෙබ් අඩවිය එළිදකී

Admin

කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් STF දැලේ

colombotoday

අර්ජුනට එරෙහිව තිලංග නඩු යයි.. මැච් එක පැරදුනාට පසු විකට්ටුව ඇදයි කියලා

colombotoday