Colombo Today Local News

නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් වැඩ භාරගනී

නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරු රැසක් අද (13)දින සිය අමාත්‍යශයන්හි දී සිය රාජකාරී කටයුතු ආරම්භ කළහ.

නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව, නව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද උදෑසන කොළඔ 07 ධර්මායතනයේ දී පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.‍

මේ අතර වෙළෙඳ අමාත්‍යවරයා ලෙස ඊයේ (12)දින පත්කෙරුණු ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද උදෑසන කොළඔ වොක්ෂෝල් වීදියේ පිහිටි සිය අමාත්‍යංශයේ දී වැඩ ආරම්භ කළේය.

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද අද උදෑසන නාරාහේන්පිට පිහිටි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිය ධුරයේ වැඩකටයුතු ආරම්භ කළේය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද අද උදෑසන කොළඔ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිය ධුරයේහි රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබුවාය.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සිය ධුරයෙහි වැඩ ආරම්භ කළේ බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ දීය.

නව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ද අද බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජල සම්පාදන අමාත්‍යාංශයේ දී සිය රාජකාරි භාර ගත්තේය.

මේ අතර සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද අද උදැසන කොළඔ පිහිටි සිය අමාත්‍යාංශයේදී සිය ධුරයේහි වැඩ කටයුතු අරම්භ කළේය.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය ධුරයේ වැඩ භාර ගැනීම අද උදෑසන නාරාහේන්පිට පිහිටි කම්කරු අමාත්‍යාංශයේ දී සිදුකළේය.

මේ අතර නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ද අද උදෑසන බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි සිය අමාත්‍යංශයේ දී රාජකාරි කටයුතු භාර කළේය.

මේ අතර කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ද බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි සිය අමාත්‍යංශයේ දී රාජකාරි ඇරඹීය.

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ද අද උදෑසන නාරාහේන්පිට පිහිටි සිය අමාත්‍යංශයේ දී රාජකාරි කටයුතු ආරම්භ කළේය.

ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා කොළඔ පිහිටි සිය අමාත්‍යංශයේ දී රාජකාරි කටයුතු භාරගත්තේය.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද රාජගිරියේ පිහිටි සිය අමාත්‍යාංශයේ දී රාජකාරි කටයුතු ආරම්භ කළාය.

Related posts

“නව ව්‍යවස්ථාව රටට ඉතා හොදයි.. සම්මතකරගන්න අපේ සහය දෙනවා” – ජවිපෙ කියයි

colombotoday

මුලතිව් තවත් අක්කර 279ක් මුදාහැරේ !

colombotoday

මහ බැංකුවේ හොරකමක් වී ඇතැයි හදුන්නෙත්ති කීවා.. එනිසා ඔහු කෝප් සභාපතිකමට සුදුසු නෑ

colombotoday

සයිටම් ගැන ජනපතිගේ අවසන් තීරණය සඳුදා !

colombotoday

යහපාලන ඇමතිලාගේ ගැහිලි ගැන ජනපති දනී.. ඒත් නිහඩයි !

colombotoday

තොටලග කජීමා වත්තතේ පැල්පත් නිවාස ආශිතව ගින්නක්

colombotoday