Colombo Today Local News

යහපාලන ඇමතිලාගේ ගැහිලි ගැන ජනපති දනී.. ඒත් නිහඩයි !

ආණ්‌ඩුවේ ඇතැම් ඇමැතිවරුන් කරන වංචා දූෂණ පිළිබඳව ජනාධිපතිවරයා දන්නවා, තේරෙන බව කිව්වත් ඒවා පිළිබඳව ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට අපොහොසත් වී ඇතැයි ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඒකාබද්ධ විපක්‌ෂය “ටොප් ටෙන්” වැඩසටහන යටතේ මහා පරිමාණ වංචා, දූෂණ දහයක්‌ හෙළිකර තිබෙන බවත්, එම වංචා, දූෂණවලින් රජයට රුපියල් කෝටි 1300 ක පාඩුවක්‌ සිදුවී ඇති බවත් සඳහන් කළේය.

ටොප් ටෙන් වැඩසටහනේ අවසාන හෙළිදරව්ව කිරීමට බොරැල්ල ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (16 දා) පැවති ඒකාබද්ධ විපක්‌ෂ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.

”ජනාධිපතිවරයාගෙන් අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳව වහා පරීක්‌ෂණ පවත්වන ලෙසටයි. නැතිනම් දහයෙන් පසු අපිට දැඩි ක්‍රියාමාර්ග ගන්න සිදුවෙයි.” ඔහු වැඩිදුරටත් පැවසිය.

Related posts

අගමැති පරාද විය යුතුයි නැත්නම් ඉල්ලා අස්විය යුතුයි

colombotoday

මුහුදු මහා විහාරයට අයත් ඉඩම්වල සංවර්ධන කටයුතු අධිකරණයෙන් තහනම් කෙරේ

colombotoday

අන්තරේ කැදවුම්කරුට ඇප

Admin

නිරෝධායනයට ලක්ව සිටි පවුලක් සමග ගුටි හුවමාරු කර ගත් 08 දෙනෙකු නිරෝධායනයට

colombotoday

ප්‍රදේශයේ ලියාපදිංචි නැති වාහනවලට තෙල් දෙන්නේ නැහැ

colombotoday

නිදහස් දා ඥානසාර හිමි නිදහස් නොකරයි

colombotoday