Colombo Today Local News

දේශය නැවත ගොඩ නැගීම උදෙසා හෙළ සුර්ය වංශය ජාතික සංවිධානය පිහිටුවේ…

surya

හෙළ සුර්ය වංශය ජාතික සංවිධානය හා ඊට අනුබද්ද උත්තරීතර ජාතික බුද්ධි මණ්ඩලය පිහිටවීම, මෙරට බිහිවූ බුද්ධිමතුන් විශාල පිරිසකගේ මුලිකත්වයෙන් පසුගිය පස් වෙනිදා සිදුවිය.

ඒ වෙනුවෙන් එම සංවිධානයේ කැඳවුම්කරු රුවන් රත්නායක මහතා නිකුත්කළ නිවේදනය පහතින්,

අතීතයේ සිට අද අද දක්වා වූ පරසතුරු ආක්‍රමණ , කුමන්ත්‍රණ නිසා මෙම රට අද එහි නියම උරුමක්කාරයන්හට අහිමි වීමේ බරපතල තත්වයක් උදා වෙමින් පවතී. අතීතයේ සිට පැවත ආ කුමන්ත්‍රණ හේතුවෙන් මෙම රටේ සහ එහි රට වැසියාගේ ,ආරථිකය, සමාජය,දේශපාලනය ,සංස්කෘතිය,දහම ආදී සියල්ලම විකෘති කර ඇත.

මෙම විකෘති කරන ලද සියලුම කරුණු , අතීත, වර්තමාන, අනාගත යන තුන්වැදෑරුම් ආකාරයට සමාලෝචනය කර , එම ගැටලුවල මූලයන් හදුනාගනිමින් ඒ සඳහාවූ විසදුම සපයාදී , එම විසදුම කරා ළඟාවීමේ ක්‍රමවේදය ක්‍රියාවට නංවා, නව අධිරාජ්‍යවාද ඒජන්තයන්ගේ විනාශකාරී උපදෙස් මත ඉබාගතයේ යන මේ රට, එයටම අයත් වූ ඉර හඳ පොළොවට අනුකුලවූද, මේ දෙරණ හා එහි වැසියාට ජීවත්වීමට ගැලපෙන්නාවූද, ස්වභාව දහමට අනුකුල වූද, නිසි දර්ශනය හදුනාගෙන එම දර්ශනය නායකත්වයට පත්කර එතුලින් මතුවන්නා වූ පුද්ගලවාදයෙන් තොරවූ “භාරකාරත්වයකට” පත්කර, රට කරවීමේ උදාර අරමුණ පෙරදැරි කරගෙන අද ක්‍රිස්තු වර්ෂ 2015 උදුවප් මස 5 වන දින දී මෙරට ඉහලම( බටහිර දැනුම සහිත උගතුන්ගෙන් නොව දේශයට අනුකුලවූ නියම බුධිමතුන්ගෙන්) බුද්ධිමතුන්ගෙන් සැදුම්ලත් උත්තරීතර ජාතික බුද්ධි මණ්ඩලයද එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වූ හෙළ සුර්ය වංශය ජාතික සංවිධානයයේ ක්‍රියාකාරී මණ්ඩලයද පිහිටවන ලදී , මෙම මණ්ඩල නිල වශයෙන් කටයුතු ඇරබිම ලබන ජනවාරි මසදී සියළුම ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ දැනුම් දීමට නියමිතය.

Related posts

ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට

colombotoday

නව ගාස්තු අය ක්‍රමයෙන් විදුලිබල මණ්ඩලයට බිලියන 108ක ආදායමක්..

Admin

විමල් හූනු සාත්තරයක් කියයි

Admin

එක්ස්ප්‍රස් පර්ල් නඩුව ගැන ආණ්ඩුවට විශ්වාසයක් නැතැ… දැන් නිදහසට කරුණු හොයනවා

Admin

හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම රිමාන්ඩ්

Admin

ෂැඩෝ කැබිනට්ටුව ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා කියන කතාව

colombotoday