Colombo Today Local News

දීපාවලී දිනය දා කොටි සිරකරුවන් නිදහස්!

ltte presonerබන්ධනාගාරගතව සිටින එල් ටී ටී ඊ සැකකරුවන් ලබන නොවැම්බර් මස 10 වන දිනට යෙදෙන දීපාවලී උළෙලට පෙර නිදහස් කිරීමට හැකිවෙතැයි නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබද ඇමති තිලක් මාරපන මහතා ප්‍රකාශ කර තිබේ. ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ ප්‍රතිසංස්කරණය කළ යාපනය බන්ධනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මේ වන විට ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල සිරකරුවන් දහඅට දහසක් පමණ සිටින බවත්, එම සිරකරුවන් විශාල පිරිසක් බන්ධනාගාර ගත නොවිය යුතු පුද්ගලයන් බවත්, එසේ ඔවුන් බන්ධනාගාර ගත කර ඇත්තේ සුළු වරදකට හසුවීමෙන් හෝ ඔවුන්ට නීතිය සම්බන්ධයෙන් නිසි උපදෙස් නොලැබීම නිසා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

දැනට රැදවුම්භාරයේ සිටින ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ සිරකරුවන්ගෙන් වැඩිපිරිසක් දරුණු ගණයේ අපරාධවලට සම්බන්ධ වූවන් බවත් ඔවුන් කිසිලෙසකින්වත සමාජගත කිරීමට හැකි තත්වයේ පසුවන පුද්ගලයන් නොවන බවත් පසු ගිය දා අප සමග අදහස් දැක් වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.  ඉකුත් රජය යටතේ එල් ටී ටී ඊ සැකකරුවන් පන්දහසකට ආසන්න පිරිසක් පුණරුත්තාපනය කර මුදා හැරි බවද දැනට ඉතිරිව සිටින්නන්ගෙන් වැඩි පිරිසක් කොළඹ නගරයේ බෝම්බ පිපිරවීම්, මරාගෙන මැරෙන ප්‍රහාර සැලසුම් කළ, එම ප්‍රහාර මෙහෙයවූ බරපතල අපාරාධකරුවන් බවයි ඒ මහතා සදහන් කළේ.

Related posts

රැම්සා තෙත් බිමේ සිටවූ කඩොලාන පැළ 1000ක් ගලවා විසිකරලා

colombotoday

සියලු කැබිනට් ඇමතිවරු ඉල්ලා අස්වීමේ ලිපි භාර දුන්නා – දිනේෂ් ගුණවර්ධන

colombotoday

මහ සෑරදුන් පාමුළ, දුටු ගැමුණු මහ රජුන්ගේ පිළිරුව ඉදිරියේ ජනපති ගෝඨාභය දිවුරුම් දෙයි !

colombotoday

පොලීසියට කඩාපැන නිලධාරියෙකුට තර්ජණය කරලා.. රාජිත පුත් චතුරට පොලීසියෙන් නඩු

colombotoday

රොහාගේ මරණය සමරන්න ගිය කුඩු අංජුගේ සහෝදරිය රිමාන්ඩ්

colombotoday

ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

colombotoday