ArticlesColombo Today Local NewsHot News

වසර 25ක කොටින්ගේ කෘෘර ඝාතන ජිනීවා වාර්තාවෙන් වසන් කළ හැටි

ltte bus bomb attackබ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනියේ කැලම් මැක්‌රේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව එළි දැක්‌ වූ වීඩියෝ චිත්‍රපටයේ සත්‍ය පිටපත විදෙස්‌ ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක්‌ පසුගිය සතියේදී සොයා ගෙන තිබුණි. මෙම සත්‍ය පිටපතේ දැක්‌වෙන්නේ ද්‍රවිඩ භාෂාවෙන් කතා කරන නිල ඇඳුම් ලාගත් පිරිසක්‌ වෙඩි තැබීමේ යෙදෙන අයුරුයි.

මේ වෙඩි තැබීම්වලට ලක්‌ වන්නේ සිංහල සෙබළුන්ද යන බරපතළ ප්‍රශ්නයක්‌ පැන නැඟි ඇත.

පිටු 261 ක ජිනීවා වාර්තාවේ පවා චැනල් ෆෝ වීඩියෝ පටය ගැන සඳහන් වී තිබුණි. මේ පසුබිම මැද ජිනීවා විමර්ශන වාර්තාව අධ්‍යයනය නොකළ පාර්ශව එම වාර්තාවෙන් ශ්‍රී ලංකාවට හානියක්‌ නැති බවට ජනතාව මුලා කරමින් සිටී.

එකී ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයේ වාර්තාවට අනුව ඉදිරිපත් වූ යෝජනාවට ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රටවල් අත්සන් කර නොතිබුණි. යෝජනාවට අත්සන් කළේ ශ්‍රී ලංකාව පමණකි. ඉන්දියාව ජිනීවා යෝජනාවට අත්සන් කිරීමෙන් වැළකී සිටිය දිනෙත ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව තමන්ට පාරාවළල්ලක්‌ වන නිසාය. ඉන්දු කාශ්මීරයේ හමුදා භටයන් 800 කට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා එල්ල වී ඇති අතර ඉන් දෙදෙනෙක්‌ හමුදා ජනරාල්වරුන්වේ.

මෙම වාතාවරණය මත ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයේ වාර්තාව ඒක පාක්‍ෂිකව සකස්‌ කළ වාර්තාවක්‌ බවට දැක්‌වෙන සාධක අපි අද ඉදිරිපත් කරන්නෙමු.

1 ශ්‍රී ලංකා රජයට ආරක්‍ෂක හමුදාවට සහ අතුරු හමුදාවන්ට එරෙහිව පිටු දහයක්‌ වෙන් වී ඇත.

2 කොටි සංවිධානය ගැන සඳහන් වී ඇත්තේ පිටු තුනක පමණකි.

3 ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවට එරෙහිව පිටු 7 ක චෝදනා එල්ල වී තිබේ.

4 කොටි සංවිධානයට එල්ල වී ඇති චෝදනා පිටු 2 කටත් අඩුය.

5 වධහිංසා පැමිණ වීම් ගැන ආරක්‍ෂක හමුදාවන්ට එරෙහිව පිටු 6 ක තොරතුරු දක්‌වා ඇත.

6 කොටි සංවිධානය විසින් සිදු කළ වධහිංසා ගැන වාර්තාවේ වෙන් කර ඇත්තේ පිටු බාගයක්‌ පමණකි. නීති විරෝධී ඝාතන ගැන විමර්ශන වාර්තාවේ සඳහන් කර ඇත. සටන් විරාම නිරීක්‍ෂණ කමිටුවට එවන් ඝාතන 1000 ක්‌ ගැන වාර්තා වී තිබූ බවද විමර්ශන වාර්තා වේ දක්‌වා ඇතත් කොටි සංවිධානය සිදු කළ අපරාධ එහි දක්‌වා නැත.

ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය කොටි සංවිධානය බේරාගත් බවට සනාථ වන සාධක මෙලෙස දැක්‌විය හැකිය.

හමුදාමය කටයතු සඳහා කොටි සංවිධානය විසින් රෝහල් භාවිතා කළ බවට මානව හිමිකම් කවුන්සිලයට තොරතුරු ලැබී නොතිබුණි. රෝහල් තුළ කොටි හමුදා ඒකක ස්‌ථාන ගත කර නැත.

එහෙත් වන්නි මෙහෙයුමේ අවසන් සමයේදී කොටි සංවිධානය සිදු කළ අපරාධ ගැන ශ්‍රී ලාංකිකයන් කණ්‌ඩායමක්‌ විසින් ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයට තොරතුරු ඉදිරිපත් කර තිබුණි. එම තොරතුරුවලට සිදු වූයේ කුමක්‌ද?

ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයේ වාර්තාවෙන් කොටි සංවිධානය බේරා ගැනීමට ඉතා සූක්‍ෂම ලෙස ක්‍රියා කර ඇතැයි සනාථ වී තිබේ. කොටි සංවිධානය සිවිල් වැසියන්ව ඝාතනය කළේ එම සිවිල් වැසියන් ආරක්‍ෂක හමුදා අතුරු හමුදා රජයේ නිලධාරීන්, දේශපාලනඥයන් සමග සබඳකම් පැවැත්වීම නිසා යෑයි වාර්තාවේ දක්‌වා තිබේ. එහෙත් ඩොලර් පාම් හා කෙන්ට්‌ පාම් සිංහල සිවිල් වැසියන් ඝාතන ගැන පරීක්‍ෂණ මණ්‌ඩලය වසන් කර ඇත. ශ්‍රී මහා බෝධිය අවට ප්‍රහාරය, අරන්තලාව භික්‌ෂු ඝාතනය, දළදා මාලිගාවට ප්‍රහාර එල්ල කිරීම කල්ලරාව සහ ගෝනගල ගම්මානවල සිවිල් වැසියන් ඝාතනය සහ කාත්තන්කුඩි මුස්‌ලිම් දේවස්‌ථානයේ ඝාතනය ද පරීක්‍ෂණ මණ්‌ඩලය වසන් කර තිබේ.

කැබිතිගොල්ලෑව ප්‍රහාරය
වසර 25ක් පුරා එල්.ටී.ටී.ඊ ය විසින් කරන ලද කෘෘර මිනිස් ඝාතන ජිනීවා වාර්තාවෙන් මුළුමනින්ම වසන් කර ඇත

කැබිතිගොල්ලෑව මගී බස්‌රියකට බිම්බෝම්බයක්‌ තබා සිවිල් වැසියන් ඝාතනය කිරීම පරීක්‍ෂණ මණ්‌ඩල වාර්තාවේ දක්‌වා ඇත්තේ විස්‌මය ජනක ලෙසිනි.

කැබිතිගොල්ලෑව බස්‌ බෝම්බය ප්‍රහාරය මෙහෙය වීමට කොටි සංවිධානය ක්‍රියා කළේ උතුරු නැගෙනහිර කොටි පාලනය යටතේ තිබූ ප්‍රදේශවල සිදු වූ ඝාතනවලට ප්‍රතිචාර ලෙසින් යෑයිද පරීක්‍ෂණ මණ්‌ඩලය කියා සිටී.

මෙම ජිනීවා පරීක්‍ෂණ වාර්තාව පෙන්නුම් කරන්නේ කොටි සංවිධානය ආරක්‍ෂක හමුදා පමණක්‌ ඉලක්‌ක කරගත් බවයි. එසේ නම් මහ බැංකු බෝම්බ විදුලි සංදේශ කාර්යාලය, ගලදාරි බෝම්බ ප්‍රහාරය, දෙහිවල දුම්රිය බෝම්බය පිට කොටුව බෝම්බය වැනි සිදුවීම් ආරක්‍ෂක හමුදා ඉලක්‌කද?

ගත වු වසර 25 මුළුල්ලේ කොටි සංවිධානය සිවිල් වැසියන්ව ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ සිදුවීම් ජිනීවා පරීක්‍ෂණ වාර්තාවෙන් මුළුමනින්ම වසන් කර ඇත.

මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය මෙම ඝාතන වසන් කිරීම එය හිතා මතාම කර ඇති බවයි.

මේ අතර මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් පවසා ඇත්තේ මැක්‌ස්‌වෙල් පරණගම කොමිසම අහෝසි කළ යුතු බවයි. එහෙත් එම කොමිසම අහෝසි කළ යුත්තේ මන්ද යන්න ගැන ඔහු හේතු දක්‌වා නැත.

ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයේ වාර්තාවට දායක වූ අභිරහස්‌ සාක්‍ෂිකරුවන් හඳුන්වා ඇත්තේ ඩබ්ලිව් එස්‌. නමිනි. මෙකී සාක්‌කිකරුවන් අනාවරණය කිරීම සදහටම වසන් කර තිබේ. ශ්‍රී ලංකා හමුදාවට සහ කරුණා කණ්‌ඩායමට එරෙහිව සාක්‌කි දී ඇති මේ අබිරහස්‌ සාක්‌කිකරුවන්ගෙන් හරස්‌ ප්‍රශ්න ඇසීමට කිසි දිනක ඉඩක්‌ නොලැබේ.

මෙය යුක්‌තිය ඉටු කිරීමක්‌ද?

ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයේ පිටුවක්‌ පිටුවක්‌ පාසා ඇත්තේ අභිරහස්‌ සාක්‌කිකරුවන් ඉදිරිපත් කළ කරුණුයි. කොටි සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකාවෙන් පැමිණිලි 329 ක්‌ ලැබී තිබූ බවත් ආරක්‍ෂක හමුදාවන්ට එරෙහිව විදෙස්‌ ගත පාර්ශවවලින් විශාල සංඛ්‍යාවක්‌ ලැබී තිබුණ බව පරීක්‍ෂණ මණ්‌ඩලය වාර්තාවේ දක්‌වා තිබුණි. එහෙත් පරීක්‍ෂණ මණ්‌ඩලය පිළිගෙන ඇත්තේ විදෙස්‌ ගත අභිරහස්‌ සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂියි.

මේ සාක්‌කිකරුවන් සාවද්‍ය හා විකෘති කළ තොරතුරු ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයට යොමු කර තිබුණි. මෙරට ඇතැම් දේශපාලනඥයන් ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයේ වාර්තාවට සුදුහුණු ගෑමට උත්සාහ කළත් එකී වාර්තාව සමබර මධ්‍යස්‌ථ වාර්තාවක්‌ නොවන බවට සාධක රැසක්‌ දක්‌නට ලැබේ. අන්තර් ජාතික මානුෂීය නීතිය අනුව රජය සතු වගකීම් රැසක්‌ ඇති බව දක්‌වන එම පරීක්‍ෂණ වාර්තාව එකී නීතියට කොටි සංවිධානයද යටත් යෑයි ප්‍රකාශ කිරීමට අපොහොසත් වී ඇත.

මෙහිදී හිටපු පින්ලන්ත ජනාධිපති මරුටි අහිට්‌පාරි, පාකිස්‌තාන් මානව හිමිකම් ක්‍රියාකාරීනි ආස්‌මා ජෙන්ගිරි හා නවසීලන්තයේ සිල්වියා කාට්‌රයිට්‌ විනිසුරුවරිය තොරතුරු ලබාගත් ක්‍රම වේදයද දැඩි සැකයට තුඩු දී ඇත. එම තොරතුරු ලබාගත් ක්‍රමවේද වූයේ පරීක්‍ෂණ මණ්‌ඩලය තොරතුරු ලබා ගැනීම පරීක්‍ෂණ මණ්‌ඩලයට තොරතුරු ඉදිරිපත් වීම යන ක්‍රමවේද යයි.

එසේම ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයේ වාර්තාවට දැඩි ලෙස බලපෑම් එල්ල කළේ ශ්‍රී ලංකාවට එරෙහි එක්‌සත් ජාතීන්ගේ දරුස්‌මාන් මණ්‌ඩලයේ ක්‍රියාකාරිනියන් ලෙස කටයුතු කළ යස්‌මින් සුකායි.

ඇය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානී එමානුවෙල් දේවගැති හා චැනල් ෆෝ අධ්‍යක්‍ෂක කැලම් මැක්‌රේ සමග සාකච්ඡා කරන අයුරු අපි සියෑසින් දුටු වෙමු. 2013 පෙබරවාරි 27 දා ඇය ලන්ඩන් නුවර වෙස්‌ මිනිස්‌ටර් මැඳුරේදී ගෝලීය ද්‍රවිඩ සංසදය ඇමතුවාය.

2014 මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක්‌ ඉදිරිපත් වීමට පෙර ඇය සුකා වාර්තාව නමින් වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කර මෙලෙස පැවසුවාය.

“ජිනීවා යෝජනාවට පෙර අපි වාර්තාවක්‌ එළි දැක්‌ වූයෙමු, ජිනීවා යෝජනාවට බලපෑමක්‌ එල්ල කිරීම අපේ අරමුණයි.

මේ පසුබිම මැද ජිනීවා වාර්තාවෙන් කොටි සංවිධානය ත්‍රස්‌ත සංවිධානයක්‌ බව සෘජුව නොකියා ඇමරිකානු රජය කොටි සංවිධානය ත්‍රස්‌ත සංවිධානයක්‌ බවට නම් කළේ යෑයි සඳහන් කරනු ලැබීය.

මේ තත්ත්වය මත ජිනීවා පරීක්‍ෂණ වාර්තාවේ ඒක පාක්‍ෂික බව හා ඉන් සාවද්‍ය තොරතුරු විකාශනය වීම නිසා මතු වී ඇති අනතුරුදායක තත්ත්වය ගැන රජයේ යාන්ත්‍රණයෙන් ප්‍රතිචාර එල්ල නොවුණි.

මෙලෙස ජිනීවා පරීක්‍ෂණ වාර්තාව ප්‍රකාශයට පත්වීමට සතියක්‌ තිබියදී රාජ්‍ය නොවන සංවිධානයක බලපෑම මත ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ එක්‌ කාන්තාවක්‌ ශ්‍රී ලංකා හමුදාව රසායනික අවි භාවිතා කළ බව පැවසූවාය.

එහෙත් පරීක්‍ෂණ වාර්තාවේ කිසිම තැනක ශ්‍රී ලංකා හමුදාව රසායනික අවි භාවිතා කළ බව සඳහන් වී නැත.

එසේම හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකයේ උපදේශකයකු ලෙස කටයුතු කළ තැනැත්තෙක්‌ ජිනීවා පරීක්‍ෂණ වාර්තාවට නම අර්ථකථනයක්‌ දී ඇත. මෙකී වාර්තාවෙන් ශ්‍රී ලංකාවට ශක්‌තියක්‌ ලබාදී ඇතැයි මේ කැකිල්ලේ උපදේශකයා ප්‍රකාශ කර තිබේ. එහෙත් ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී පාකිස්‌තාන් තානාපති සමීර් අත්රම් කළ දැඩි ප්‍රකාශය අපි නිරීක්‍ෂණය කළෙමු. ඔහු මෙලෙස පළ කළේය.

ත්‍රස්‌තවාදයට එරෙහිව දියත් කළ අරගලය අවසන් වූ පසු ශ්‍රී ලංකාවට අවශ්‍ය වී ඇත්තේ ඔවුන්ගේ රට ගොඩනැඟීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයයි. එහෙත් විදේශ රටවල සිට දියත් වූ බෙදුම්වාදී සහ ත්‍රස්‌තවාදී ක්‍රියාදාමය මර්දනය කිරීමට ශ්‍රී ලංකාව ක්‍රියා මාර්ග ගැනීම ගැන විවේචනය කරන පාර්ශ්ව ත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධය නැමැති ඔවුන්ගේ මෙහෙයුම් ගැන හැරී බැලිය යුතුයි.”

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකයකු ලෙස යොදා ගනිමින් ඇමරිකානු යෝජනාවට සහභාගි වන අවස්‌ථාවේ ඇමරිකානු ගුවන් හමුදාවේ ඒ සී 130 බෝම්බ යානාවක්‌ ඇෆ්ගනිස්‌ථානයේ කුන්දුස්‌ රෝහලට බෝම්බ දැමීමෙන් ප්‍රංශ වෛද්‍යවරු රෝගීන් හා හෙදියන් 22 ක්‌ මරුමුවට පත් වී ඇත. ඊට අදාළ සාක්‍ෂි ද පසුගිය සතියේ විනාශ කර තිබේ.

මේ පසුබිම මැද ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකානු යෝජනාව කෙටුම්පත් කළ ඇමරිකානු නිලධාරියා කවුදැයි අනාවරණය විය. ඒ මෙරට හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ය. කොටි සංවිධානය පරාජය කිරීම සඳහා වන්නි මෙහෙයුම දියත් කිරීමට ඒ වන විට සිටි රජය සැලසුම් කරන බව හමුදාව තුළ සිටි ඇමරිකානු චර පුරුෂයන්ගෙන් තොරතුරු ලබාගත් රොබට්‌ බ්ලේක්‌ කොටි සංවිධානය පරාජය කළ නොහැකි බවත් සාකච්ඡාමය මාර්ගයෙන් අර්බුදය විසඳා ගන්නා ලෙස කියා සිටියේය.

එහෙත් එදා රජය බ්ලේක්‌ගේ ඉල්ලීමට හිස නැමුවේ නැත. අනතුරුව වන්නි මෙහෙයුම අවසන් වීමට සමීපව තිබියදී රොබට්‌ බ්ලේක්‌ හවායි දූපතේ ශාන්ති කර කලාපය හමුදා මධ්‍යස්‌ථානයේ සිට ඇමරිකානු යුද, ගුවන්, නාවික හා මැරයින් භටයන් හා නිලධාරීන් 200 ක්‌ මෙරටට එවා කොටි හමුදා නායකයන් 160 ක්‌ බේරා ගැනීමට උත්සාහ කළේය.

මෙම ඇමරිකානු හර්කියුලිස්‌ යානාව කටුනායකට පැමිණෙන බවට ශ්‍රී ලංකා රජයට දැනුම් දුන්නේ එකී යානාව හවායි සිට ගුවන් ගත වීමෙන් පසුවය. රොබට්‌ බ්ලේක්‌ කොටි බේරා ගැනීමට දියත් කළ මෙහෙයුම අසාර්ථක වූයේ යුද්ධය ඊට පෙර අවසන් වීම නිසාය.

මේ අතර ඇමරිකානු හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානයේ ප්‍රධාණී බ්‍රයන් ඇඩම්ස්‌ ශ්‍රී ලංකාවට පැමිණියේය. පසුගිය රජය ඔහුට මෙරටට පැමිණීමට ඉඩ දී නොතිබුණි.

ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාවද්‍ය ප්‍රකාශ 22 ක්‌ මානව හිමිකම් කවුන්සිලයට යොමු කළේ ඇඩම්ස්‌ය.

බ්‍රයන් ඇඩම්ස්‌ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සමග දැඩි සබඳකම් පවත්වන බව හෙළි විය. ඔහු කොළඹට පැමිණ කළ ප්‍රකාශයෙන් ඇමරිකානු යෝජනාව පසුබිමේ සිටියේ රොබට්‌ බ්ලේක්‌ යෑයි අනාවරණය විය. බ්‍රයන් ඇඩම්ස්‌ මෙලෙස ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්‌ ගෙන ඒමට ඇමරිකානු රාජ්‍ය යාන්ත්‍රණයේ. බොහෝ දෙනෙක්‌ කැමැති වූයේ නැත. මෙවන් යෝජනාවක්‌ ඉදිරිපත් කළහොත් ඉන්දීය හා චීනය යන රටවල් කුමන ක්‍රියා මාර්ගයක්‌ ගනීද යන්න ගැන ඔවුන් විවිධ මත පළ කළා. පසුගිය රජය තමාට “බොරු කළ බව බ්ලේක්‌ කියා සිටියා. ඔහු සහකාර රාජ්‍ය ලේකම්ධුරයට පත් වූ පසු ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ඉදිරිපත් කිරීමට ක්‍රියා කළා.

බ්‍රයන් ඇඩම්ස්‌ තවදුරටත් පැවසූවේ කොටි නායකත්වය විනාශ කර දැමීමට රජය ක්‍රියා නොකළේ නම් ඔවුන්ට චෝදනා ඉදිරිපත් කර නඩු විභාග පැවැත්වීමේ හැකියාවක්‌ තිබූ බවයි.

එසේ නම් ඇමරිකාව නඩු විභාග නොපවත්වා අල් කයිදා නායක බින්ලාඩන් ඝාතනය කළේ ඇයි?

මෙවන් තත්ත්වයක්‌ මත ඇමරිකානු යෝජනාවට අදාල යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමට දේශීය යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කිරීමට සැලසුම් කළ රජය ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයට කොළඹ හා යාපනයේ සිට සාවද්‍ය අමුද්‍රව්‍ය සැපයූ පාර්ශව ගැනද විමර්ශනය කළ යුතුය.

මේ අතර ෂයිලොක්‌ නැමැති යුදෙව්වා මස්‌රාත්තලම ඉල්ලූ අයුරින් ද්‍රවිඩ සන්ධානය හා ද්‍රවිඩ දේශපාලකයන් යුද අපරාධ විමර්ශනය සඳහා ජාත්‍යන්තර විනිසුරුවන් ඉල්ලා සිටී.

කොටි සංවිධානයේ රූකඩය ලෙස කටයුතු කළේ ද්‍රවිඩ සන්ධානයයි. එසේම ඊ.පී. ආර්. එල්. එෆ්. ටෙලෝ වැනි සංවිධාන ගත වූ වසර 23 මුළුල්ලේ යුද අපරාධ සිදු කර නැතැයි කිව හැකිද?

ඊ. පී. ආර්. එල්. එෆ්. නායක සුරේශ් ප්‍රේමචන්ද්‍රන් හා ටෙලෝනායක සෙල්වම් අඩෙයිකලානන්දන් වැන්නන්ගේ පසුබිම කුමක්‌ද අද ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා විමර්ශනය කළ යුතු යෑයි හඬ නගන්නේ මොවුන්ය.

එසේම හිටපු කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්ගේ බිරිය ඇඩෙලා යුද අපරාධකාරියකි. ඇයට බ්‍රිතාන්‍ය දේශපාලන රැකවරණ ලැබී ඇත.

එම්මානුවෙල් දේවගැතියාශ්‍රී ලංකා රජයේ දේශීය යාන්ත්‍රණයෙන් “ඇඩෙලාට චෝදනා එල්ල වේද? මෙවන් පසුබිමක්‌ මැද දේශීය යාන්ත්‍රණයක්‌ හමුවේ සාක්‍ෂිදීමට ඉදිරිපත් වී ඇත්තේ ගෝලීය ද්‍රවිඩ සංසදයේ අරමුදල් මත යෑපෙන චැනල් ෆෝ අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේය.

මැක්‌රේ වන්නි මෙහෙයුම සියසින් දුටුවේ නැත. ශ්‍රී ලංකා රජය යුද අපරාධ චෝදනා විමර්ශනය ස්‌වාධීනව පැවැත්විය යුතු යෑයි ඔහු කියා සිටී. එහෙත් ඉරාක යුද්ධයට බ්‍රිතාන්‍ය හමුදා යෑවීමට අදාළ චිල්කොට්‌ පරීක්‍ෂණ වාර්තාව කල් දමන්නේ මන්දැයි ඔහු අගමැති ඩේවිඩ් කැමරන්ගෙන් විමසා නැත.

මේ අතර ඊළම්වාදී ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානී එමානුවෙල් දේවගැතිවරයාට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය ඇරයුම් කර ඇත. මේ බව එමානුවෙල් දේව ගැතිතැන ස්‌විට්‌සර්ලන්තයේ සෙයිට්‌ ප්‍රාගන් පුවත්පතට හෙළි කර තිබේ. ගෝලීය ද්‍රවිඩ සංසදය පසුගිය රජය මගින් තහනම් කර තිබුණි. එහෙත් වත්මන් රජයේ විදේශ කටයුතු ඇමැති හා හිටපු ආරක්‍ෂක ප්‍රධානියකු ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරෙන්ද්‍රන් පැවැත් වූ භෝජන සංග්‍රහයකටද සහභාගී වී ඇත.

එහෙත් එමානුවෙල් දේවගැතිවරයා ශ්‍රී ලංකාවට එරෙහිව මෙහෙය වූ ෙද්‍රdaහි ක්‍රියා වසන් කළ හැකිද? ගත වූ වසර කීපය තිස්‌සේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ එමානුවෙල් දේවගැතිවරයා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යැමට උත්සාහ ගත්තේය.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

බන්ධනාගාරයේදී ජංගම දුරකතනයක් භාවිත කල ධානිෂ් අලීට වැඩ වරදී

colombotoday

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 19කට තුවාල

Admin

යහපාලන සංහිදියාවේ සළුපිළි ගැලවූ යාපනය සිසු ප්‍රහාරයෙන් මතුවන බෙදුම්වාදයේ ගිණි පුපුරු !

colombotoday

විජයග්‍රහණයේ 7 වන වර්ෂ පූර්ණය අදයි

colombotoday

ජනපතිවරණයේ වියදම රු කෝටි 450යි

colombotoday

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් හෙටත් බෙදාහරින්නේ නෑ..

colombotoday