Covid 19

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ගණන ගෙවුණු දිනයේ..

තවත් කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු මියගොස් තිබෙන බව ඊයේ(21)දින රාත්‍රී 11.00ට නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කළේය.

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ද මෙයයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඉන් තිදෙනෙකු කොළඹ ජාතික රොහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බවයි.

ඒ අනුව ,

  1. කොරෝනා ආසාදනය සමග ඇති වූ නියුමෝනියාව තත්ත්වය සහ ආසාදන කම්පනය හේතුවෙන් කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු
  2. අධික රුධිර පීඩනය සහ දියවැඩියා රෝගී තත්ත්වය සමග වෛරසය ආසාදනය වීම හේතුවෙන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු
  3. කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් දෙමටගොඩ පදිංචි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු එලෙස මිය ගියේ ය.

එමෙන්ම තවත් ආසාදිතයින් දෙදෙනෙකු මියගොස් ඇත්තේ ජාතික රොහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වෙනත් රොහල්වලට මාරුකර යැවීමෙන් අනතුරුවයි.

එසේම කොරෝනා නියුමෝනියාව සමග බැක්ටීරියා ආසාදනය සහ ආසාදන කම්පනය හේතුවෙන් වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මිය ගියේ ය.

ඔහු කොරෝනා ආසාදිතයෙකු යැයි තහවුරු වීමෙන් අනතුරුව මුල්ලේරියා මහ රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී මිය ගොස් තිබේ.

වෛරසය සමග ඇති වූ උග්‍ර නියුමෝනියා තත්ත්වය හේතුවෙන් වැල්ලම්පිටියේ පදිංචි 75 හැවිරිදි කාන්තාවක් ද මිය ගියේ ය.

ඇය කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහලට මාරුකර යැවීමෙන් අනතුරුව මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

කොරෝනා නියුමෝනියාව සහ ලේ විෂ වීම හේතුවෙන් 76 හැවිරිදි කාන්තාවක මිය ගියේ කොළඹ පෞද්ගලික රෝහලක සිට අයි.ඩී.එච් රෝහලට ඇතුළත් තිරීමෙන් අනතුරුවයි.

අනික් ආසාදිතයින් තිදෙනා නිවසේදීම මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

ඒ අනුව වෛරසය ආසාදනය සමග ඇති වූ හෘදයාබාධ තත්ත්වය හේතුවෙන් කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවක්, දියවැඩියාව , අධික රුධිර පීඩනය සහ කොරෝනා හේතුවෙන් ඇති වූ හෘදයාබාධ තත්ත්වය හේතුවෙන් කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු නිවසේදීම මිය ගියේ ය.

ඒ අනුව මෙරටින් වාර්තා වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 83 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

Related posts

නව කොවිඩ් ප්‍රභේද ආසාදිත යැයි සැක අයෙක් ලංකාවෙන්

colombotoday

කටුනායක නිදහස් වෙළද කළාපයෙන් අදත් කොවිඩ් රෝගීන් 22ක් – මුළු රෝගීන් ගණන 39ක් දක්වා ඉහළට

colombotoday

සිසුන් 08 කට කොරෝනා. උසස් පෙළ ලියන සිසුවෙක්ද ඒ අතර

colombotoday

කොරෝනා මරණ සංඛ්‍යාව 109 දක්වා ඉහළට

colombotoday

CID අයෙකුට හා පොලිස් ප්‍රභූ ආරක්ෂක බලකායේ දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

මාධ්‍යවේදියාට කොරෝනා නැති බව තහවුරු වෙයි

colombotoday