Colombo Today Local News

දඹුල්ලේ ලොරි,බස් ගැටුමක්. 35කට තුවාලයි

11143797912

දඹුල්ල, ඉනාමලුව ප්‍රදේශයේදී අද (24) අලුයම 2.45ට පමණ පුද්ගලික බස් රථයක් හා ලොරි රථයක් හැපී බස් රථයේ ගමන් කරමින් සිටි මගින් 35ක් පමණ තුවාල ලබා තිබේ.

ඉන් 25 දෙනෙකු දඹුල්ල මුලික රෝහලට ඇතුළත් කර ඇත.සෙසු පිරිස සුළු තුවාල නිසා ප්‍රතිකාර නොලබා වෙනත් වාහන වල නැඟී පිටව ගොස් ඇත.

පොළොන්නරුව, සිරිපුර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු බස් රථයක් සිමෙන්ති පටවා කොළඹ දෙසටම ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක පිටුපස හැපී අනතුර සිදුව ඇති බව සිගිරිය පොලිසිය කියයි.

බස් රථයේ රියදුරු පවසා ඇත්තේ ලොරිය විදුලි පහන් නොමැතිව නවතා තිබු බවය.

ලොරියේ රියදුරු පවසා ඇත්තේ තමන් ලොරි රථයේ ටයර් පරික්ෂා කොට රථය ප්‍රධාන මාර්ගයට ගෙන ධාවනය කරමින් සිටියදී පිටුපසින් පැමිණි බස් රථය හැපුණු බවයි.

තුවාල ලැබූ මගින් කියා ඇත්තේ බොහෝ දෙනා නින්දේ පසුවූ නිසා සිදුවූ දෙයක් නොදන්නා බවයි.

සිගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි .

Related posts

වැලිසර බ්‍රැන්ඩික්ස් සේවකයෙකුටත් කොරෝනා

colombotoday

යකඩ ගේට්ටුව කඩා වැටී අවුරුදු තුනක දරුවෙක් මිය යයි

Admin

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය වැසේ

colombotoday

රනිල් පන්නා අගමැති වෙන්න එස් බී බරටම වැඩ – ඒකාබද්ධ විපක්ෂයේ සහයත් ඉල්ලයි

colombotoday

වාහන ආනයනයට රජයෙන් සම්බාධක… ඉදිරියේදී රට තුළ වාහන හිගයක්…

colombotoday

කන්දකාඩු පොකුර සම්පූර්ණයෙන්ම පාලනය කරයි

colombotoday