Colombo Today Local News

තුන්වේල කන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට විතරයි – රනිල්

පක්ෂයෙන් වෙන් වූ කිසිවෙකුට සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයින් විය නොහැකි බව එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු ඊයේ (30)දින කොළඹ “බාන්ස් පෙදෙසේ” පැවති ජනහමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

“මේ ආර්ථික පිරිහීමෙන් රට ගොඩගන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට විතරයි. තුන්වේල කන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට විතරයි. ඒකයි එක්සත් ජාතික පක්ෂය යළි ගන්න කියන්නේ,” යැයි වික්‍රමසිංහ මහතා පැවසීය.

“රට බේරගන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට විතරයි. පොහොට්ටුවට අපි දුන්නානේ මාස 8ක් මොකක්ද කරලා තියෙන්නේ? කිසිම විසඳුමක් හොයලා නැහැ. එක්සත් ජාතික පක්ෂය විතරයි හැම ඡන්දයටම ඉදිරිපත්වෙලා තියෙන්නේ. 15 වතාවක්ම හැම පාර්ලිමේන්තුවේම ඉන්නවා. මේ 16 වැනි වතාව,” බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

කොරෝනා වෛරස් නිරෝදායනයට මඩකලපුවේ වෙනම දූපතක් වෙන් කිරීමට යෝජනාවක් !

colombotoday

මරාගෙන මැරෙනු කර්නල් කිට්ටු නැමති ත්‍රස්තයාගේ අනුස්මරණ උද්‍යානයට පිවිසෙන දොරටුව ගිනිබත් වෙයි.

colombotoday

අන්ධ භක්තියට මිනිස්කම යටවූ, අශිෂ්ඨත්වයේ කතාව තව්හිද් ජමාත්ලාගේ කටින් පැන්නේ මෙහෙමයි (Video)

colombotoday

සේපාල් අමරසිංහ යලි කූඩුවට

Admin

කොළඹ ඩෙංගු මඩින්න වොල්බැකියා මදුරුවන් මුදාහැරී

Admin

ශුද්ධ වූ නෝම්බි මාසේ උද්ඝෝෂණයට සහබාගී වෙන්න – ගුවන් විදුලියේ හිටපු සභාපති සිද්ධි ෆාරුක් මුස්ලිම් සමාජයෙන් ඉල්ලයි

colombotoday