Colombo Today Local News

ජිනීවා යෝජනාව රටට අහිතකරයි, ක්‍රියාත්මක කළොත් ප්‍රතිඵල භයානකයි – විශ්ව විද්‍යාල මහ ඇදුරෝ රජයට ලියති.

කිසිදු අයුරකින් ජිනීවා යෝජනා මෙරට ක්‍රියාත්මක නොකළ යුතු බවත්, එම යෝජනා රටේ ස්වෛරීභාවයට දැඩි තර්ජනයක් බවත්, ත්‍රස්තවාදය පරාජය කල රණ විරුවන් පාවා දීමක් බවත් අවධාරණය කරමින් ජාතික විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය රජයට දන්වා සිටී.

විශ්ව විද්‍යාල ජේ්‍යෂ්ඨ ආචාර්යවරු 74 හතර දෙනෙකුගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, විපක්ෂනායකවරයාට, ජිනීවා මානව හිමිකම් කොමසාරිස් වරයාට සහ ශ්‍රී ලංකාවේ සියළුම තානාපතිවරුන්ට ලිපියක් යොමු කරමින් එම ආචාර්්‍යවරුන් පෙන්වා දෙන්නේ අතීතයට අදාල සිදුවීම් වරදවල් ලෙස අර්ථ දක්වමින් ඒවාට දඩුවම් දීම සදහා නව නීති හදුන්වාදීමට කර ඇති යෝජනා ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් යෝජිත යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමෙන් දැනට රටේ පවතින ජාතික සමගියට, සහජීවනයට සහ වර්ධනය වෙමින් පවතින ආර්ථිකයට දැඩි හානියක් සිදුවන බවයි.

Related posts

දුම්රිය වර්ජනය ගැන ඇමති බන්දුලගෙන් පොලිස්පතිට සහ CIDයට පැමිණිලි

Admin

තමන් සතු විදේශ මුදල් තැන්පත් කිරිමට හා විකිණීමට පොදු සමාකාලයක්..

colombotoday

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ…

Admin

කොන්ක්‍රීට් සිලින්ඩරයකට යටවීමෙන් දරුවෙක් මියයෑමේ සිදුවීමට පුද්ගලයින් පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

Admin

මේ ආණ්ඩුව දැන් කෙලින් කරන්න බැරි බලු නකුටක් වගේ – හිටපු අගමැති

colombotoday

බැදුම්කර මගඩියෙන් රජයට සිදුවූ පාඩුව රුපියල් කෝටි එක්දහස් එකසියය ඉක්මයි !

colombotoday