Colombo Today Local News

ජනපතිත් සමග වැඩ කිරීමට කැමතියි – රනිල් වික්‍රමසිංහ පවසයි.

තමන්ට පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්වීමට අවස්ථාවක් ලබාදෙන්නේ නම් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

“මට ඔහුත් සමග වැඩ කිරිමේ ගැටලුවක් නෑ. මේ ප්‍රශ්ණය ඔබ ඇසිය යුත්තේ ඔහුගෙන්. ව්‍යවස්ථාවේ පක්ෂග්‍රාහීව කටයුතු කරන්න ඉඩ ලබා දී නෑ.”

එසේම පාර්ලිමේන්තුව ඉක්මනින්ම කැඳවිය යුතු බවත් තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බවත් ඔහු පවසයි.

“ ඔවුන් පාර්ලිමේන්තුව නොකැඳවීමෙන් පෙනෙන්නේ ඔවුන්ට අංක නැත බවයි. ප්‍රමාද කිරීම ගැන මම කනගාටුවෙනවා මොකද මේ හරහා රට අස්ථාවර වෙනවා. ”

Related posts

මෛත්‍රීට ඕස්ට්‍රේලියා පත්තරෙන් එල්ලවූ දූෂණ චෝදනා වැරදියි… මහින්දට එල්ලවූ චෝදනා හරි… ආණ්ඩුවේ දෙබිඩි ප්‍රතිපත්තිය මෙන්න

colombotoday

විමල්ගේ පාර්ලිමේන්තු උපන්දින සැමරුමට රීති ප්‍රශ්නයක්

colombotoday

ලංකාව චීන යුද ගුවන් යානා මිලදී ගැනීමට සැරසෙයි

colombotoday

රන්ජන්ගේ යට ඇඳුමත් ගැල වේ. බුදුන්ට,මරියා තුමියට මෙන්ම දිවංගත අගමැතිවරුන්,හිටපු ජනපතිවරුන් ඇතුලු ප්‍රභූන් රැසකට අපහාස

colombotoday

වැසී ගිය සපුගස්කන්දේ යළි වැඩ අරඹන්න සැලසුම්

Admin

මන්ත්‍රී නිවාස සංකීර්ණයට විදුලි කපන්නේ නැහැ

colombotoday