Colombo Today Local News

ජනපතිගෙන් කතානායකට පොරොන්දුවක්…

පාර්ලිමේන්තුව යළි කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කථානායකකරූ ජයසූරිය මහතාට ප්‍රකාශ කර තිබේ.

ඒ සඳහා නිශ්චිත දින වකවානු ඉදිරියේදී ප්‍රකාශ කරන බව ජනාධිපතිවරයා කථානායකවරයාට දැනුම්දී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කථානායක කරූ ජයසූරිය මහතා අතර ඊයේ(31) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

එම සාකච්ඡාව පැයයි විනාඩි 20ක කාලයක් ඉතා සුහදව පැවැති බව කථානායක මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙහිදී කථානායකවරයා විසින් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ හා පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

කථානායකවරයා සිදු කළ ඉල්ලීම සලකා බලා ඉදිරියේදී තම තීරණය දැනුම් දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

මේ අතර නව අග්‍රාමාත්‍යවරයාට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

තමන් නව අග්‍රාමාත්‍යවරයාට සහ නව ආණ්ඩුවට අවශ්‍ය පහසුකම සැලසීමට කටයුතු කරන බව එහිදී කථානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තුව තුළ වත්මන් ආණ්ඩුවට ගැළපෙන ලෙස අවශ්‍ය කටයුතු සම්පාදනය කිරිමට කථානායකවරයා පියවර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසාරි ජයසේකර මහතා සඳහන් කරයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙම අදහස පල කළේය.

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරිම සඳහා ව්‍යවස්ථාදායකයේ කාර්යය භාරය ඉෂ්ඨ කිරිම පිණිස පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් කැඳවීම වඩාත් යෝග්‍ය බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ පසුගිය ඔක්තෝබර් 26 වන දින ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරිමට අදාලව ගන්නා ලද තීරණයෙන් පසු මෙරට උද්ගතව ඇති තත්ත්වය පිළිබදව දැඩි අවධානය යොමුව ඇති බවයි.

මෙරට පුරවැසියන්ගේ නිදහස හා ප්‍රජාතන්ත්රිවාදී අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි ව්‍යයවස්ථාවට අනුකූලව කටයුතු කරමින් නීතියේ අධිපත්‍ය ස්ථාපිත කිරිම සඳහා කටයුතු කිරිම සියලු පාර්ශවයින්ගේ වගකීම බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

කිසිදු ගැටුම්කාරි වතාවරණයකින් තොරව උද්ගතවී ඇති තත්ත්වයන් නිරාකරණය කිරිම සඳහා නිසි ක්‍රමවේදය අනුගමනය කිරිමට සියලු පාර්ශවයන් අවධානය යොමු කළ යුතු බව එම නිවේදනයේ සඳහන් වෙයි.

රටේ නීතිය, සාමය සහ නීතියේ අධිපත්‍ය රැක ගැනිම සඳහා පොලීසිය මෙන්ම සියලු ආරක්ෂක අංශ ද නිසි ලෙස කටයුතු කළ යුතු බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

එක්නැලිගොඩ ගැන අහන්න බුද්ධි අංශ නිලධාරිනියකුත් මුල්වරට CID කැඳවයි

colombotoday

විල්පත්තුවේ අනවසර ඉදිකරීම් නවතන්න ගොණුකල පෙත්සමට අධිකරණය ඊයේ දුන් නියෝගය

colombotoday

“මුස්ලිම් නොවන ගුරුවරු එපා කියා කුණු බිත්තර ගැසීම: ජාතිවාදී ප්‍රශ්නයක් නෙවෙයි” – අධ්‍යාපන ඇමති

colombotoday

වකුගඩු ඡාවාරමේ විමර්ශන වලදී වෘෂණ කෝෂ ජාවාරමකුත් හෙළිවෙයි

Admin

දොස්තර සංගමය මහින්දට සුපර්මාකට් ගියා.. ඔවුන් හම්බවෙන්න බෑ මට වැඩ තියනවා

colombotoday

ආසියානු රදගුරු සමුළුව කොළඹදී.. වියදමට රජයෙන් මිලියන 10 ක්

colombotoday