Colombo Today Local Newsfeatured

ජනපති සිරිසේන කිසිවක් නොදන්නවා සේ හැසිරෙද්දී දෙවන වරටත් ජිනීවාහිදී රට පාවා දෙයි..

මුළු රටටම හොරෙන් ජිනීවාහී ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා බ්‍රිතාන්‍ය යෝජනාවට සම අනුග්‍රාහකත්වය ලබා දී අත්සත් තබයි..
ශ්‍රී ලංකාවට එරෙහිව මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක් එක්ව ගෙන ඒමට යෝජිතයැයි පැවසුන යෝජනාවලියට හොර රහසේම ජිනීවාහී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ALA අසීස් මහතා මීට සති 2කට පෙර එකගතාව පල කර අත්සන් කර ඇති බව මේ වන විට මානව හිමිකම් කවුන්සිලය තුල සිටින ජගත් දේශප්‍රේමී ලංකික සංසදයේ නියෝජිතයෝ පවසති.

තමන් මේ ආකාරයේ යෝජනාවලියකට විරුද්ධ බව පෙත්සමක් භාර දීමට මානව හිමිකම් මහා කොමසාරිස්වරියගේ කාර්යාලය වෙත ගිය අවස්ථාවේ මේ කරුණ හෙළිදරව් වූ බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

මෙය ඉතාම පහත් ගණයේ නිවට පාවා දීමක් බව ඒ මහතා ප්‍රකාශ කළේය.

මීට දින කිහිපයකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ තමන්ගේ නියෝජිතයන් තිදෙනකු යවා රටට හතුරු යෝජනා ජිනීවාහිදී නතර කරන බවයි.


ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය සංවිධානය කළ උද්ඝෝෂණය…

Related posts

කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ ගණන 80 දක්වා ඉහළට

colombotoday

මහින්ද රාජපක්ෂ නම්බුකාර ලෙස ඉල්ලා අස්වීය යුතුයි

colombotoday

අත්අඩංගුවට ගත් සහරාන්ගේ ගෝලයා වමාරයි – හිටපු ඇමති කෙනෙකු ගැනත් හෙළිවේ

colombotoday

මහ කන්නයේ වී වගාට දියවර නිකුත් කිරීම ලබන 20 වැනිදා

colombotoday

හිටපු පාසල් ක්‍රිකට් විනිසුරුවරයෙකුගේ මළසිරුර දින තුනකට පසු හමු වෙයි

Admin

බෙහෙත් පෙත්තක් හිරවී සිසුවියටක් මිය යයි

Admin