Articles

“ඝෝඨාභය රාජපක්‍ෂ මහතාණෙනි, වියත්මග හයිජැක් කරමින් සිටිති. වහාම මොවුන්ගෙන් ගැලවෙන්න”

පසුගිය පෙබරවාරී 4 බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හී පැවැති වියත්මග දෙවැනි වාර්ෂික සම්මන්ත්‍රණයට සහභාගී වීමට මට ද අවස්ථාව හිමිවිය. ගෝඨාභය රාජපක්‍ෂ මහතා පිළිබඳව මා තුළ වන ප්‍රසන්න හැඟිම හේතුවෙන්ම මා එම සමුළුවට සහභාගි වූ බව ප්‍රථමයෙන්ම කිව යුතුය.

එහෙත්, වියත්මග කෙරෙහි මා තුළ විශාල සැකයක් ජනිත කරවමින් පසුබිමින් ක්‍රියාත්මක වූ විඩියෝ පටයක් මඟින් ජාතිවාදී නොවන ජාතිකත්වයක් තුළින් නව ශ්‍රී ලාංකිය ජාතියක් නිර්මානය කිරීම සඳහ වියත්මග ක්‍රියා කරන්නේ යැ යි පවසමින්  සමුළුව ආරම්භ විය.

දයාන් ජයතිලකයන් විසින් පැවැත් වූ මුඛ්‍ය දේශනය මා හට වියත්මග අරමුණු කෙරෙහි ඇති වූ සැකයක් තව තවත් ත්‍රීව්‍ර කරවන්නක් විය. ඔහුගේ දේශණය සම්පූර්නයෙන්ම බටහිර චින්තනය පෝෂණය කරන්නා වූ මාක්ස්වාදී බුද්ධිමතුන්ගේ මතවාද වලින් පිරිගිය දේශණයක් විය. ජාතිය තුළ නව ප්‍රභූ පංතියක් ගොඩනැඟිය යුතු යැ යි කියා සිටි ඔහු ජාතික සහ ජාත්‍යන්තර මතවාද අතර වෙනස සියම් පටලයක් තරම් විය යුතු යැ යි කියමින්  ප්‍රබුද්ධ දේශප්‍රේමියත්වයක් (Smart Patriotism) තුළින් අපේ සංස්කෘතිය ලෝක සංස්කෘතියේ කොටසක් බවට පත්කිරීමකට ලක්කළ යුතු යැ යි ඔහු කියා සිටියේ ය. එම ප්‍රභූ සංස්කෘතික පංතිය විසින් ජාත්‍යන්තර ගණුදෙනු සිදුකළ යුතු යැ යි ඔහු දැඩිව කියා සිටියේ ය.

දයාන් ජයතිලක වචන හරඹ මඟින් මේ කියන්නේ කුමක්ද? අප ජාත්‍යන්තර ජනප්‍රිය සංස්කෘතියට හිස නමා ජාත්‍යන්තරයටද හිස නැමිය යුතු බව නොවේද ඔහු මේ ව්‍යාංගයෙන් අපට පවසන්නේ? වියත්මගෙහි අරමුණ මෙයද?

2001-2002 රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩු සමයේ දී නෝර්වේ ඇතුළු බටහිරයින්ගේ ආධාර ඇතිව රනිල් වික්‍රමසිංහ විසින් හදුන්වා දුන් ඊනියා ශ්‍රී ලාංකීය ජාතිය යන සංකල්පය ඝෝඨාභය ප්‍රමුඛත්වය දරන සංවිධානයකට කෙසේ නම් රිංගුවේ ද? මෙය බැරෑරුම් තත්වයකි. එක් අතකින් රනිල් වික්‍රමසිංහයන්ගේ ඊනියා සංහිදියාවට වියත්මග වෙනුවෙන් දේශණයක් පැවැත් වූ මේජර් ජෙනරාල් කමල් ගුණරත්නයන් විසින් දැඩි ප්‍රහාරයක් එළ්ල කළේය. දැන් ප්‍රශ්නය වන්නේ රනිල් වික්‍රමසිංහගේ සංහිදියාව පිළිගන්නේ නැතිව ඊනියා ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ නගන්නේ කෙසේද යන්නයි. ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැඟිමට අන්තිම සිංහලයාත් වලපල්ලට යැවිය යුතුය යන්න සංහිදියා සංකල්පයේ මුඛය අරමුණ වේ. කිසිදු විඤ්ඤාණයක් නොමැති රනිල්ගේ මෙම ඊනියා ශ්‍රී ලාංකීය ජාතිය යන සංකල්පය අප විසින් පරාජය නොකළ යුතු යැ යි කවුරුන් හෝ කියන්නේ ද? වසර 2500ක ප්‍රෞඩ ඉතිහාසයක් ගොඩ නැඟූ සිංහල ජාතියට අනෙකුත් ජාතින් ඇතුලත් කරගැනීමට වන අභියෝගයට විසඳුම් සොයනවා වෙනුවට කිසිදු මූලයක් නොමැති රනිල්ගේ සහ බටහිරයන්ගේ ඊනියා ශ්‍රී ලාංකීය ජාතිය යන මලකඳ වියත්මගෙ හි ද කරතබන්නේ කාගේ වුවමනාවටද?

මා හට වැටහෙන පරිදි වියත්මග සංවිධානය කිසියම් පිරිසක් විසින් හයිජැක් කරමින් සිටිති. නැතහොත් ගෝඨාභය මහතාව ඔවුන්ගේ මතවාද පතුරුවාලීමට යොදාගනිමින් සිටිති. ඝෝඨාභය රාජපක්‍ෂ මහතාණෙනි වියත්මග කවුරුන් විසින් හෝ හයිජැක්කරමින් සිටින්නේ දැ යි වහා සොයා බලා නිසි පියවරක් ගන්න යැයි ඔබගෙන් මින් කාරුණිකව ඉල්ලා සිටිමි.

– යූ. ඩී (උඩවත්තගේ ධම්මික)

Related posts

“සාම කාලයේදීවත් මම ත්‍රස්‌තවාදීන්ට අතට අත දුන්නේ නැහැ“ ප්‍රභාකරන්ව මැරූ 53 සේනාකාධිපති සමග කතාබහක්!

colombotoday

හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න අභාවප්‍රාප්ත වෙයි

colombotoday

‘දන්නෝ බුදුන්ගේ’ ගීතයේ මුල් ගායක ලෝරන්ස්ගේ මිනිබිරිය, කිශානිගේ සායම යවයි

colombotoday

අධිරාජ්‍ය ආක්‍රමණයට එරෙහිව නැගූ සිංහලේ පොදු ජන අරගලයක සිනමාරූපකරණය ‘සක්කාරං’

colombotoday

කඩා වැටුණු දකුණු සුඩානයට පණදුන් සිංහල මිනිහෙක්…

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ යෝජනා

colombotoday