Colombo Today Local News

ගෝඨාභය ජනාධිපතිවරණයට එන බවක් මහින්ද කිව්වේ නැතිලු

ඉදිරි ජනපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බවට තමන් පවසා නොමැති බව හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (21දා) කොළඹ බණ්ඩානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

Q ඔබතුමා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනවා කියලා තිබුණා.

A  මම එහෙම කියලා නැ.

Q ජයග්‍රහණයක් පුළුවන් වෙයිද?

A අපි දිනනනවා අපි දිනනවා.

මෙහිදී ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂනායකවරයා,

“ආරක්ෂාව තහවුරු වෙලා කියලා එක්කෙනෙක් කියනවා. තව කට්ටියක් කියනවා ආරක්ෂාව නෑ කියලා. ෆොන්සේකා මහත්තයා බොහොම පැහැදිලිව කියනවා මේ වගේ දේවල් කොහෙන් මතුවෙයිද දන්නේ නෑ කියලා. සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදය අතුගාලා නෑ කියනවා.”

Related posts

මහමැතිවරණයේ නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය අවසන්

colombotoday

උසස් පෙළ සිසුන්ට වහාම දෙවන එන්නත් මාත්‍රාව ලබා ගන්නැයි සෞඛ්‍ය අංශ කියයි

colombotoday

වාරණයට ලක්කළ රවීගේ විශේෂ ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙන්න

colombotoday

අතයට ගණුදෙනු : ටැබ්, සුරක්ෂා තාවකාලිකව අත්හිටුවයි !

colombotoday

උ/⁣පෙළ සිසුන් 171,497 දෙනෙකුට විශ්වවිද්‍යාල වරම්: අයැදුම්කරුවන් 49 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවයි..

colombotoday

අදත් ගිගුරුම් සහිත වැසි

colombotoday