Colombo Today Local News

ගුණවතී මෑණියන් සිය පොඩිපුතු වෙනුවෙන් ජනපතිගෙන් කල හැගුම්බර ඉල්ලීම…

මිනීමැරුමක් හෝ වෙනයම් බරපතළ සමාජ විරෝධී ක්‍රියාවක් නොකර සිරගත කර සිටි සිය බාල පුතුට ජනාධිපති සමාව ලබාදෙන්නැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ගේ මෑණියන් වන ඩබ්ලිව්, ඩී. ගුණවතී මහත්මිය ජනාධිපතිවරයාගේ ඉල්ලා සිටියේ ය.

කරණ්දෙණියේ උණගස්වෙල සිරිනිවේසාරාම විහාරස්ථානයේ පසුගිය 14 වැනිදා පැවති ඤාණසාර හිමියන්ට සෙත් පැතීමේ පිංකමකට සහභාගී වෙමින් එම මෑණියන් මෙම ඉල්ලීම කළේය.

“ජනාධිපතිතුමත් දරුවන් ඉන්න තාත්ත කෙනෙක්. මගේ පුතා හිරේ විලංගුවේ වැටිල ඉන්නේ මිනී මරල නෙමෙයි, මංකොල්ල කාල නෙමෙයි, අනුන්ගේ දෙයක් කඩාවඩා ගෙන නෙමෙයි. රට වෙනුවෙන් කතා කරල. රටේ රණවිරුවන් ගැන කතා කරලයි.

ජනාධිපතිතුමනි මගේ පොඩි පුතා අහිංසකයි. මට දැන් අවුරුදු අසූවක් වෙනවා. මම දැන් පොඩි පුතාට වුණ දේ හිතල ලෙඩෙක් වෙලයි ඉන්නේ. රටට ගමට තවත් වැඩ කරන්න පුලුවන් අපේ පොඩි හාමුදුරුවෝ හිරේ දාල. හිරේ ඉන්න පොඩි පුතා බලන්න ගියාම එයා මට එන්න එපා කියනවා. රැවුල කොන්ඩේ වවාගෙන ඉන්නවා දකිනකොට පපුව හෝස් ගාල පත්තු වෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දුප්පත් අම්මගෙ ඉල්ලීමට ඉඩ දෙනවා නියතයි. මගේ පොඩිපුතාව නිදහස් කරන්න පුලුවන් එතුමාට විතරයි.

මගේ පොඩි පුතා ලොකු වරදක් කරල නෑ. මම දන්නව මගේ පොඩි පුතා මේ රටට, ජාතියට කොච්චර ආදරේද කියලා.

අවසාන වතාවටත් මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මගේ පොඩිපුතාට සමාව දී උන්වහන්සේ නිදහස් කර දෙන්න කියලා“

යැයි එම මෑණියන් එහිදී හැගුම්බරව කියා සිටියේ ය.

 

 

 

Related posts

ජනපතිට එරෙහිව අතුරු නියෝගයක් පොලිස් පති ඉල්ලයි

colombotoday

ප්‍රබල ඇමතිගෙන් වාහන බදු සහන කැබිනට් යෝජනාවක්.. කෝටි 1800ක් රජයට පාඩුයි !

colombotoday

කැබ් රථයක ගැටී මව සහ පුතු මරුට

colombotoday

හබරාදුව ප්‍රාදේශිය සභාව වසා දමයි

colombotoday

මනමාලිගේ සැමියා මංගල දා රැ 51කේ මනමාලයාගේ ගෙල කපා මරාදමලා

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවේ 55වන වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදි

colombotoday