Colombo Today Local News

ගිනි ගත් නෞකාවෙන් සාගරයට වුණු හානිය අනාවරණය වෙයි

ශ‍්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන සාගරයට කාන්දු වී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව සමුද්‍ර දූෂණයක් සිදුව ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අදිකාරිය විසින් පත් කරන ලද විශේෂඥ කමිටුව සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ.

අදාළ වාර්තාව ඊයේ (24)දින පස්වරුවේ නීතිපතිවරයාට ද භාරදුන්නා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර වෙත කියා සිටියේ විශේෂඥ කණ්ඩායමක් විසින් අදාළ වාර්තාව සකස් කළ බවයි.

නෞකාව අයත් සමාගමට ඉදිරියේදී අදාළ වාර්තාවේ විස්තර ලබාදීමට නියමිත බව ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරිය ප‍්‍රකාශ කළා. ඉදිරි පියවර ගනු ලබන්නේ ඉන් පසුව බවයි ඇය සඳහන් කළේ.

ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඞ් නෞකාවේ ගින්න නිවීමට මැදිහත්වූ මෙරට ආයතන සඳහා මූලික වන්දි ගෙවීමක් ලෙස රුපියල් මිලියන 340 ක් ගෙවීමට නෞකාව හිමි සමාගම එකගතාව පළ කර තිබෙනවා.

කෙසේවෙතත් ඒ සඳහා තවත් රුපියල් මිලියන 100 ක් ලබාදෙන ලෙසයි නීතිපතිවරයා නෞකා අයත් සමාගමට දැනුම් දී ඇත්තේ.

Related posts

බැසිල් රාජපක්ෂ දිවයිනට

Admin

සංහිදියාව ගොඩනගන්න චන්ද්‍රිකා, පාසල් පෙළ පොතෙන් ඉතිහාසය කප්පාදු කරයි (Video)

colombotoday

වෛද්‍ය සායනයක් මුවාවෙන් බදියුදීන් භික්ෂූන් වහන්සේලාට විෂ පොවන්න යයි !

colombotoday

වසන්ත සේනානායක, ආනන්ද අලුත්ගමගේ රනිල් අතහරී… මහින්දට සහය දෙයි…

colombotoday

පවතින අක්ෂි කාච ප්‍රමාණවත් සතියකට පමණයි – සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

Admin

චමුදිතට එල්ලවුණු ප්‍රහාරය සම්බන්ධයෙන් පුෂ්පිකා පොලිසියට කැඳවයි

colombotoday