Colombo Today Local News

ගම්මන්පිල-බැසිල් අතර උණුසුම් වචන හුවමාරුවක්…

ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායක හමුවේදී හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල යන මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබේ.

පළාත් පාලන ආයතනවල පුරප්පාඩුවන මන්ත‍්‍රී ධුර පිරවීමේ නිසි ක‍්‍රමවේදයක් සකස් කළ යුතු බවට ගම්මන්පිල මහතා විසින් කළ යෝජනාවක් සමගින් මෙම තත්වය ඇතිව තිබේ.

‘ඔයාලට ඕ විදිහට වැඩ කරන්න බෑ. පොදුජන පෙරමුණ අයිති අපට. අපට ඕන විදිහටයි වැඩ වෙන්න ඕනෑ’ යයි හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසද්දී ගම්මන්පිල මහතා පිළිතුරු ලෙස ‘ඔයාට ඕන විදිහට නටන්න අපි ලෑස්ති නෑ. මතක තියාගන්න මහින්ද මහත්තය නිසයා අපි මෙතන ඉන්නෙ. මහින්ද මහත්තය නැත්නම් පොහොට්ටුවෙන් ඉල්ලන්නෙත් නෑ’ යනුවෙනි.

ඉන් අනතුරුව බැසිල් රාජපක්‍ෂ හා උදය ගම්මන්පිල මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ අතර මහින්ද රාජපක්‍ෂ මහතා මැදිහත් වී එය සමතයකට පත්කොට ඇත.

Related posts

හරීන් ප්‍රනාන්දු සහ ජනපති සොයුරු ත්‍රස්තප්‍රහාරයේ සැකකරුට ටෙලිකොම් තඔ ටෙන්ඩරයක් දීලා.

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

කොටි සමරන්න වෙල්ලමුල්ලිවයික්කාල් පැමිණි විග්නේෂ්වරන්ව පොලීසිය පන්නා දමයි

colombotoday

අලුත් උපන් බිලිදු මළ සිරුරක් ඇලකින් හමුවෙයි

Admin

කුඩු කිලෝ එකක් සමග මාලේ කුඩ්ඩෝ දෙදෙනෙක් දැලේ

colombotoday

රටම බලා සිටි ඉන්ධන මිළ සූත්තරේ මෙන්න…

colombotoday