Colombo Today Local News

හරීන් ප්‍රනාන්දු සහ ජනපති සොයුරු ත්‍රස්තප්‍රහාරයේ සැකකරුට ටෙලිකොම් තඔ ටෙන්ඩරයක් දීලා.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුගේ තඹ කම්හලට ටෙන්ඩරය ලබා දීමට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ටෙලිකොම් සභාපති, ජනපති සොයුරු කුමාරසිරි සිරිසේන කටයුතු කර ඇති බව පවසනවා.

එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් නිකුත්කළ මාධ්‍ය නිවේදනයමෙසේයි…

ත්‍රස්තප්‍රහාරයේ සැකකරුගේ තඔ කම්හලට ටෙන්ඩර් පටිපාටියෙන් පිට ටෙලිකොම් අබලිකේබල් ටෙන්ඩරය දුන්නේ කවුද?

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අබලි කේබල් විකිණිම සදහා ටෙන්ඩර් අංක L/0253/217 යටතේ 2017 ජූලි මස 13 වන දින පුවත්පත් දැන්වීමක් පළ කරමින් ටෙන්ඩර් කැදවන ලදී. එම දැන්වීමට අනුව සමාගම් 11 ක් ඒ සදහා ටෙන්ඩර් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව තෝරා ගන්නා ලද සමාගම් 03 ක් සදහා අදාල ටෙන්ඩරය පදානය කරන ලදී. එහෙත් විවිධ හේතු ඉදිරිපත් කරමින් එම සමාගම් 02 කට එම අබලි කේබල් ලබා ගැනීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය බාධා කරන ලදී. ටෙන්ඩරය ලබා ගත් එක් සමාගමක් විසින් මේ පිළිබදව අධිකරණයේ නඩුවක්ද පවරන ලදී.

තත්වය එසේ තිබියදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් 2019/04/21 දින ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුගේ තඔ කම්හලට විශේෂ අඩු කරන ලද මිලකට අදාල අබලි කේබල් තොගය ලබා දීමට කටයුතු කරන ලදී.

උක්ත සමාගම මීට පෙර ටෙන්ඩරයෙන් මිලදී ගත් කේබල් පරිසරයට හානිවන ලෙස පුලුස්සා ඇති බැවින් එම සමාගමට අබලි කේබල් නැවත ලබා නොදෙන ලෙස අප විසින් විෂයභාර ඇමතිවරයා වන හරීන් පනාන්දු මහතාගෙන් හා ටෙලිකොම් සභාපති කුමාරසිරි සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබුනද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් උක්ත ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුගේ සමාගමට අබලි කේබල් ලබා දීමට කටයුතු කර ඇත.

උක්ත සමාගමට එම ටෙන්ඩරය ලබා දීම සදහා කටයුතු කලේ ඇයිද? යන්න අපට විශාල ප්‍රශ්ණයක් වන අතර හරීන් ප්‍රනාන්දු මහතාගේ පියා හරීන් ප්‍රනාන්දු මහතාට 2019/04/21 දින කොච්චකඩේ පල්ලිය වෙත නොයන ලෙස කරන ලද ඉල්ලීම ද සැක සංකා උපදියි. එපමණක් නොව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා වන්නේ ජනාධිපතිවරයාගේ සොහොයුරෙකුය.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මෙම සමාගමට මෙසේ විශේෂ වරප්‍රසාද ලබා දුන්නේ ඇයිද? යන්න වහා සොයා බැලිය යුතු කාරණයකි.

මෙහි දරැණුම කාරණය නම් මෙම සමාගමට අවසර දී ඇත්තේ මෙම අබලි කේබල් ගලවා ගැනීම සදහාය මෙම අබලි කේබල් රට පුරා බිම වළදමා තිබී ඇත. එපමණක් නොව විවිධ ස්පින් වර්ග හා යකඩ කැබැලි ගලවා ගැනීමට එම සමාගමට හැකියාව ඇත.

රජයෙන් අප ඉල්ලා සිටින්නේ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුගේ සමාගමට ටෙන්ඩරයෙන් පිට මෙම අබලි කේබල් තොගය ලබා දීමට විෂයභාර ඇමතිවරයා හෝ ටෙලිකොම් සභාපතිවරයා කටයුතු කළේද යන්න සොයා බැලීම සදහා වහාම නිසි පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසය. තවද එම ත්‍රස්තවාදියා සමග සම්බන්ධකම් පැවැත්වූ ටෙලිකොම් ආයතනයේ නිළධාරීන් කවුද? යන්නද වහා හෙළි කලයුතුය.

මෙයට, විශ්වාසි

රංජිත් විතානගේ – සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

මෙයට, විශ්වාසි

රංජිත් විතානගේ – සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

.

Related posts

ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඉතා සමීපව නිරීක්ෂණය කරනවා – නෝර්වේ තානාපතිගෙන් පණිවිඩයක්

colombotoday

විමල් වීරවංශ ආණ්ඩුවට ??

colombotoday

ජනපති අද ජාතිය අමතයි

colombotoday

ආගමික සිද්ධස්ථාන වලට සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙලක්

colombotoday

සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක් ලෙස ඩඩ්ලි සිරිසේන ගැන ආඩම්බරයි – මැඩිල්ලේ හිමි

colombotoday

බැදුම්කර බෑණාත් ජාතිය අමතන්න යයි.. සියළු රහස් හෙළිකිරීමට සූදානම්..

colombotoday