Colombo Today Local News

කෝප් සහ කෝපා රැස්වීම් තාවකාලිකව අත්හිටුවයි

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් කාරක සභාව (කෝපා) විසින් ඉදිරි සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ කමිටු රැස්වීම් තාවකාලිකව අත්හිටුවා තිබේ.

රටේ පවතින වත්මන් කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මහජන ඒකරාශිවීම් වැලැක්වීම සහ සමාජ දුරස්ථභාවය රඳවා ගැනීම යන සෞඛ්‍ය නිර්ණායක පදනම් කරගෙන කෝප් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා සහ කෝපා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව එළඹෙන 20 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ කෝප් සහ කෝපා කමිටු රැස්වීම් සියල්ල අත්හිටුවා තිබේ.

Related posts

දැවි තෙල් සහ පෙට්‍රල් තොගයක් රැගත් නෞකා දෙකක් දිවයිනට

colombotoday

ඩෙල්ටා බෝම්බය පුපුරලා අවසන්.. රනිල් යුද හමුදාව විවේචනය කරන්නේ එයට ඇති බිය නිසා

colombotoday

අදත් ගිගුරුම් සහිත වැසි

colombotoday

ඇමති මහින්ද අමරවීරට කොවිඩ්

colombotoday

කොච්චිකඩේ පල්ලිය අසලින් හමුවූ බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට යාමේදී පුපුරා යයි…

colombotoday

රජය ඇස්බැස්ටස් තහනම ඉවත් කර ගනී !

colombotoday