Colombo Today Local News

කොරෝනාවෙන් පීඩාවට පත් ව්‍යාපාර 20240ක් සඳහා ණය ලබාදීමට මහ බැංකුවේ අනුමැතිය

කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා සියයට 4ක වාර්ෂික පොලී අනුපාතිකය යටතේ මේ වන විට ව්‍යාපාර 20240ක් සඳහා ණය ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව අනුමැතිය ලබා දී තිබේ.

සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය යෝජනා ක්‍රමය යටතේ බලපත්‍රලාභී බැංකු හරහා හඳුන්වාදුන් මෙම ණය යෝජනා ක්‍රමය වාර්ෂික පිරිවැටුප රුපියල් බිලියනකට වඩා අඩු ස්වයං රැකියා සහ තනි පුද්ගල ව්‍යාපාර ඇතුළු ඕනෑම ව්‍යාපාරයක් සඳහා ණය ලබාදීමට නියමිතය.

අදාළ රුපියල් බිලියනක වාර්ෂික පිරිවැටුමේ සීමාව සංචාරක, අපනයන හා ඒ ආශ්‍රිත සේවාවන් සපයන ව්‍යාපාර සඳහා අදාළ නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

අදියර 03ක් යටතේ ක්‍රියාත්මක වන මෙම ණය යෝජනා ක්‍රමය හරහා රුපියල් බිලියන 150ක මුදලක් මුදාහැරීමට අපේක්ෂා කර ඇති අතර ජුලි මස 02 වන දින වන විට ව්‍යාපාර 20240ක් සඳහා රුපියල් බිලියන 53ක මුදලක් මුදාහැර තිබේ.

මාස 06ක් දක්වා වු උපරිම සහන කාලසීමාවක් යටතේ මාස 24ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවකට යටත්ව ණය ලබාදීම සිදුකරනු ලබන අතර මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අගෝස්තු මස 31 වන දින දක්වා අයදුම් කළ හැකි බව මහ බැංකුව සඳහන් කරයි.

Related posts

පාරවල්වලට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කරයි

colombotoday

ගොවීන්ට කොම්පෝස්ට් පොහොර නොමිලේ

colombotoday

ඕකනම් මූත්‍රා බොක්ක වෙන්න බෑ! කොළඹ වතුර ටැංකිය වෙන්න ඕන! – හිටපු ජනපති කියන අමුතු කතාව

colombotoday

ගැබිනි ගුරුතුමියක් රිය අනතුරකින් මරුට

Admin

ගමේ ගිය අයට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා

Admin

රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසී

Admin