Colombo Today Local News

කේරල ගංජා හා අයිස් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට

පුත්තලම‍ පොලිස් වසමේ කල්අඩි ප්‍රදේශයේ දී පුත්තලම කොට්ඨාස විස මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදු කර කේරල ගංජා හා අයිස් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීමෙන් අයිස් ග්‍රෑම් 7 යි මිලිග්‍රෑම් 70 ක් හා කේරල ගංජා ග්‍රෑම් 22 යි මිලිග්‍රෑම් 70 ක් සමඟ මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 33, 48, 55 හා 57 යන වයස්වල පසුවෙන පොල්ගහවෙල, තඹුත්තේගම, හෙට්ටිපොල හා පිළිමතලාව යන ප්‍රදේශවල ජීවත්වන අයයි.

සැකකරුවන් අද(21)දින තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු ඉහළට

Admin

දුම්රියක් පීලි පනී – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin

ත‍්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඬපැවැත්වීම: ඉහළ අවදානම් සහිත ලැයිස්තුවෙන් ශ‍්‍රී ලංකාව ඉවතට

colombotoday

යෝෂිතගේ ඩේසි ආච්චිගෙන් FCIDය ප්‍රශ්ණ කරයි

colombotoday

“සජිත් ප්‍රේමදාස 2020 ජනාධිපතිවරණයට කිසිසේත් ඉදිරිපත් වෙන්නේ නෑ. පක්ෂපාති මන්ත්‍රීවරුන් අමාරුවේ වැටෙනවා”

colombotoday

අද පැය 5 ක් ලයිට් කපයි. හෙට ගැන තීරණය අද රැට

colombotoday