Colombo Today Local News

කිඹුල ඇලේ ගුණාගේ ගෝලයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ‘කිඹුල ඇලේ ගුණා‘ නමැත්තාගේ සමීපතමයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 04 මිලිග්‍රෑම් 320ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනිස් ඝාතන රැසකට සම්බන්ධ සැකකරුවෙකු බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

සැකකරු වැල්ලම්පිටිය පොලීසිය වෙත භාර දී ඇති අතර ඔහු අද (20)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

දේශප්‍රේමී රණවිරුවෙකුට දඩුවම් කිරීම කෙතරම් දේශද්‍රෝහි ක්‍රියාවක්ද.. හිටපු ඇමති විජේදාස රණවිරුවා වෙනුවෙන් පෙරට

colombotoday

විදේශීය ගුවන් සමාගම් හතක් ඉන්ධන පිරවීමේ පහසුකම් නැති නිසා ගමන් වාර අඩු කරයි

colombotoday

මියන්මාර් හමුදාව රොහින්ග්‍යා අන්තවාදීන්ට එරෙහි ප්‍රහාර දැඩි කරයි.. 40000ක් බංග්ලාදේශයට පළායයි !

colombotoday

අයවැයට එරෙහිව ගොවි හමුදාවක් ලිප්ටන් වටරවුමෙන් වීදි බසී

colombotoday

පොලිස් නිලධාරීන්ට පහරදුන් තුනක් අත්අඩංගුවේ

Admin

තරුෂිට ක්‍රීඩා ඇමතිගෙන් සුබ පැතුම්

Admin