Colombo Today Local News

මියන්මාර් හමුදාව රොහින්ග්‍යා අන්තවාදීන්ට එරෙහි ප්‍රහාර දැඩි කරයි.. 40000ක් බංග්ලාදේශයට පළායයි !

මියන්මාරයේ, රඛීන් පළාතේ වෙසෙන රොහින්ග්‍යා ඉස්ලාමීය ජිහාඩ් මූලධර්මවාදීන් මියන්මාර පොලිස් ස්ථාන 30කට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට ප්‍රතිචාර දක්වමින් මියන්මාර රජය අරඹා ඇති සන්නද්ධ මෙහෙයුම් සමග 40,000ක පමණ රොහින්ග්‍යා ඉස්ලාමීය ප්‍රජාවක් අසල්වැසි බංග්ලාදේශය වෙත පළාගොස් තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසයි.

රොහින්ග්‍යා ඉස්ලාමීය ප්‍රජාව මියන්මාරය තුළ තම අයිතිවාසිකම් ඉල්ලා සිටියත්, මියන්මාර රජය අවධාරණය කරන්නේ මොවුන් බංග්ලාදේශයෙන් අනවසර සංක්‍රමණිකයන් ලෙස මියන්මාරයට ඇතුළු වී ඇති පිරිසක් බවයි.

නමුත්, රොහින්ග්‍යා ප්‍රජාව පවසන්නේ තමන් අරාබි වෙළෙන්ඳන්ගෙන් බිඳී ආ පරපුරක් බවයි. කෙසේ වෙතත්, රඛයින් පළාත තුළ ඉස්ලාමීය ජිහාඩ් සන්නද්ධ මූලධර්මවාදය හිස එසවීමත් සමග, මියන්මාරයේ බහුතර බෞද්ධ ප්‍රජාවට මෙන්ම, සෙසු ජනවර්ගවලට මෙම ජිහාඩ් සන්නද්ධ කණ්ඩායම්වලින් දැඩි තර්ජනවලට මුහුණ දීමට සිදුව ඇති බව මියන්මාර වාර්තා පෙන්වා දෙයි.

විශේෂයෙන්ම, එම පළාත් තුළ ජිහාඩ් ඉස්ලාමීය මූලධර්මවාදය දළුලා වැඩීම, සිය රටේ ආරක්ෂාවට බලවත් තර්ජනයක් බවද මියන්මාරය අවධාරණය කරයි.

මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව රොහින්ග්‍යා යනු ලෝකයේ වඩාත් අවාසනාවන්ත ජන කණ්ඩායමකි. මන්දයත්, ඔවුන් භාර ගැනීමට කිසිදු රාජ්‍යයක් කැමැත්තක් නොදැකීම හේතුවෙනි.

මේ වනවිට නෆ් ගංගාව තරණය කරමින් රොහින්ග්‍යා වැසියන් බොහෝ දෙනෙකු බංග්ලදේශයට ඇතුළු වීමට උත්සාහ කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර, මියන්මාර පොලීසි වෙත එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඇරඹි සන්නද්ධ මෙහෙයුම හේතුවෙන් මේ දක්වා 400කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මියන්මාර පොලීසි ඉලක්ක කරමින් එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, මෙම ජිහාඩ් මූලධර්මවාදීන් තමන් රොහින්ග්‍යා ජනතාව ආරක්ෂා කරන සන්නද්ධ කණ්ඩායමක් බව පවසා සිටියි. කෙසේ වෙතත්, මියන්මාර රජය පවසන්නේ මොවුන් ත්‍රස්ත සංවිධානයක් බවයි. මෑත වසර කිහිපය තුළ රඛයින් පළාතේ වෙසෙන බෞද්ධ හා අන්‍ය ලබ්ධිකයන් මරා දැමීම හා වෙහෙර විහාර ගිනිබත් කිරීම පිටුපස මෙම ත්‍රස්තයන් සිටින බව මියන්මාරය කියයි.

මේ අතර, ආසන්න ගැටුම් හේතුවෙන් රඛයින් පළාතේ වෙසෙන බෞද්ධ ප්‍රජාවද 11,000ක් පමණ පළාත අතහැර ගොස් ඇති බව කියැවෙයි.

Related posts

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න කියන්නේ බොරු – කැබිනට් ඇමති මලික් සමරවික්‍රම

colombotoday

ඥානසාර හිමිගේ නම ඇතුලත් කුරුණෑගල නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වේ.

colombotoday

රිමාන්ඩ් නාකොටික් නිලධාරීන්, ජාවාරම්කරුවන් සමග එක්වී මුහුදෙන් හෙරොයින් තොග පිටින් මෙරටට ගෙන්වලා

colombotoday

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආනයනික ජීප් රථ | පවරා ඇති ක්ෂේත්‍ර සංවර්ධන අධීක්ෂණ කටයුතුවලදී ප්‍රවාහනයටලු

colombotoday

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවයි.

colombotoday

කොවිඩ් එන්නත නොගත් හා පළමු මාත්‍රාව පමණක් ලබා ගත් අයට ඩෙල්ටා ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීමක්

colombotoday